IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගයේ අනතුරෙන් කතක් මරුට:හයක් රෝහලට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් හය දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි. 

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි වෑන් රථයක , කහතුඩුව ප්‍රදේශයේ සිට කටුනායක දෙසට යමින් සිටි ජීප් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. 

අනතුරින් මිය මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන සත්සර මාවතේ අංක 171/5 හි පදිංචි සුනේත්‍රා විජේසේකර පතිරණ (56) කාන්තාවක බව පොලිසිය කියයි . 

මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී අතුරුගිරිය පිවිසුම පසු කොට කිලෝමීටර් 3.9 සහ කිලෝමීටර් 4.1 අතර ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ජීප් රථයක් , වෑන් රථයේ දකුණු පස බදෙහි ගැටී අනතුරක් සිදුව තිබුණි . 

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් පස්දෙනකු සහ ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ ගමන්ගත් කාන්තාවක මියගොස් තිබූ බව පොලීසිය කියයි.

(ඡායාරූප: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (6)

අධිවේගයේ අනතුරෙන් කතක් මරුට:හයක් රෝහලට

චන්දන Monday, 10 October 2022 09:56 AM

අධිවේගයේ සමහර අය වාහන ඉස්සර කරන්නේ සාමාන්‍ය පාරක වගේ... ඉස්සර කරපු ගමන් වමට දානවා... තමන් යන වේගය ගැන කිසිම හැඟිමක් නැහැ. මේ තත්ත්වය කහතුඩුව සිට කඩවත දක්වා බරපතල ලෙස තිබෙනවා. පොලිසිය වේගය විතරක්ම නෙවෙයි. අනතුරුදායක ලෙස පැදවීමත් බලන්න ඕනෑ ...

:       0       9

බද්රානි Monday, 10 October 2022 01:33 PM

චන්දන, ඔබ ඔය කියන වාහනයක් ඉස්සර කිරීමෙන් පසුව එකපාරටම වමට දමන කතාවේ මට නම් තියෙන්නේ වෙනත් විදිහේ අර්ථකතනයක්. අනෙක් වාහනය තමන්ව ඉස්සර කර යාමේදී ඇතිවන දැඩි හීනමානය නිසා වාහනයේ වේගය වැඩි කරනවා, අනෙක් වාහනයට තමන්ව පසුකර යාමට ඉඩ නොදී. මේ අනතුරේදී නම් තනිකරම වැරැද්ද වෑන් රථයේ බව පැහැදිලියි. වෑන් රථය එක්වරම දකුණු මාවතට දැමීමේදී තමයි මේ අනතුර සිදුවී ඇත්තේ. වෑන් රථයේ බඳ කොටස අනතුරට ලක්වීමෙන් ඒ ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ලංකාවේ පල් මෝඩයෝ හිතන්නේ මම ඔය කියපු එකේ අනෙක් පැත්ත. පසුපසින් ආ වාහනය අනතුර සිදුකලා කියා තමයි ඔවුන් බොහෝවිට තීරණය කරන්නේ.

:       2       3

චන්දන Monday, 10 October 2022 05:32 PM

මම කියන්නේ මගේම අත් දැකීමෙන්... බොහෝ අවස්ථාවල මම බ්‍රේක් කරලා ක්ෂණිකව පරතරය හදා ගන්න වෙලා තිබෙනවා . ඒකත් අනතුරුදායක බව මමත් දන්නවා... ඒක සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි...

:       0       0

mangalaMonday, 10 October 2022 01:36 PM

සහතික ඇත්ත. ලංකාවේ ගොඩක් රියදුරන්ට වැටහීමක් නැහැ මේ අධීවේග පාරවල්වල ඉතා ලගින් ඉස්සරහට ගැනීම කොච්චර අනතුරුදායකද කියලා. මෙලෝ රහක් නැහැ ඔහේ ඉස්සරහට දානවා.

:       0       4

Gunda Monday, 10 October 2022 11:12 AM

අධිවේගී මාර්ගයේ 100mph ට වඩා වේගයෙන් යන වාහනවලට දඩගහන ක්‍රමයක් තියෙනවා නම් මේ අනතුරු ලේසියෙන් වළක්වා ගන්න පුළුවනි. ස්පීඩ් ට්‍රැප්ස් සවිකරන්න යන මුදල ඉතාමත්ම සුළු කාලයකින් හොයාගන්න පුළුවන්... එහෙම නැතිනම් අධිවේගී මාර්ගය පාවිච්චි කරන අයගේ ටිකට් එකට එම මුදල එකතු කරන්න. අධිවේගයේ අධිවේගෙන් යන අයගෙන් හරිම කරදරයි 100ට යන අයට.

:       0       4

සෙනෙවිරත්න Monday, 10 October 2022 01:36 PM

තවත් එකක් වම් තීරුවේ යන වාහන වම් පසට වෙන්න ධාවනය නොකිරීමත් එක හේතුවක්, එතකොට ඉස්සර කරන වාහනයට වෙන්නෙ දකුණු පැත්තෙ වැටත් යන වාහනයත් අතරින් රිංගන්න, ඒක නිසා වම් තීරුවෙ යන වාහන වමට බර කර ඉස්සර කරන වාහනයට ඉඩ දිය යුතුය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site