
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් හය දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි වෑන් රථයක , කහතුඩුව ප්‍රදේශයේ සිට කටුනායක දෙසට යමින් සිටි ජීප් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් මිය මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන සත්සර මාවතේ අංක 171/5 හි පදිංචි සුනේත්‍රා විජේසේකර පතිරණ (56) කාන්තාවක බව පොලිසිය කියයි .
මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී අතුරුගිරිය පිවිසුම පසු කොට කිලෝමීටර් 3.9 සහ කිලෝමීටර් 4.1 අතර ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ජීප් රථයක් , වෑන් රථයේ දකුණු පස බදෙහි ගැටී අනතුරක් සිදුව තිබුණි .
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් පස්දෙනකු සහ ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ ගමන්ගත් කාන්තාවක මියගොස් තිබූ බව පොලීසිය කියයි.
(ඡායාරූප: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයේ සමහර අය වාහන ඉස්සර කරන්නේ සාමාන්‍ය පාරක වගේ... ඉස්සර කරපු ගමන් වමට දානවා... තමන් යන වේගය ගැන කිසිම හැඟිමක් නැහැ. මේ තත්ත්වය කහතුඩුව සිට කඩවත දක්වා බරපතල ලෙස තිබෙනවා. පොලිසිය වේගය විතරක්ම නෙවෙයි. අනතුරුදායක ලෙස පැදවීමත් බලන්න ඕනෑ ...
අධිවේගී මාර්ගයේ 100mph ට වඩා වේගයෙන් යන වාහනවලට දඩගහන ක්‍රමයක් තියෙනවා නම් මේ අනතුරු ලේසියෙන් වළක්වා ගන්න පුළුවනි. ස්පීඩ් ට්‍රැප්ස් සවිකරන්න යන මුදල ඉතාමත්ම සුළු කාලයකින් හොයාගන්න පුළුවන්... එහෙම නැතිනම් අධිවේගී මාර්ගය පාවිච්චි කරන අයගේ ටිකට් එකට එම මුදල එකතු කරන්න. අධිවේගයේ අධිවේගෙන් යන අයගෙන් හරිම කරදරයි 100ට යන අයට.
තවත් එකක් වම් තීරුවේ යන වාහන වම් පසට වෙන්න ධාවනය නොකිරීමත් එක හේතුවක්, එතකොට ඉස්සර කරන වාහනයට වෙන්නෙ දකුණු පැත්තෙ වැටත් යන වාහනයත් අතරින් රිංගන්න, ඒක නිසා වම් තීරුවෙ යන වාහන වමට බර කර ඉස්සර කරන වාහනයට ඉඩ දිය යුතුය.