නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 6 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අහිමි වී ඇතැයි රජයට ඉදිරිපත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලින් ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
පසුගිය මාස 6 ක කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලදී ගත් බොරතෙල් සහ ඉන්ධන තොග පිළිබඳ මෙම විශ්ලේෂණය සිදු කර ඇත.
එහිදී රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු කිරීම සම්බන්ධයෙන් එක් සමාගමක් සදාකාලිකවම අසාදු ලේඛන ගත කිරීමට එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
එම සමාගමේ නිල නොවන නියෝජිතයකුට රහසිගත රැස්වීමක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරාධනා කර ඇති බවත් වෙනත් කිසිදු සැපයුම්කරුවකුට එසේ ආරාධනා කර නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
අනෙකුත් සැපයුම්කරුවන්ගේ නෞකා ඉන්ධන නිදහස් කිරීමට වාරයෙන් පිටත රැඳී සිටියදී,මෙම විශේෂිත සමාගමේ නැව් පැමිණ ඇත්තේ අනෙක් සැපයුම්කරුවන්ට සම්පූර්ණයෙන් මුදල් ගෙවා ඔවුන්ගේ ඉන්ධන ලබා ගෙන එම නෞකා පිටත්වීම ආරම්භ කිරීමෙන් පසුව බව එම විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත.
ගුවන් යානා ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම සමාගමට පූර්ණ අයිතිය ලබා දී ඇති අතර අනෙක් සැපයුම්කරුවන්ට මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී නොමැති බව විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන සැපයීමට දෙවැනි සැපයුම්කරුවකු ඇතුළත් කර ගැනීමත් සමග තත්ත්වය වෙනස් වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචන , ඔබ විදුලි බිල , තෙල් මිල වැඩි කලේ ආයතනවල පාඩුව මකන්න කියල නේ. ඔබ කම්බ හොරෙක්. ඔබේ තාත්තා වගේ මයි මේ රටේ මිනිස්සුන්ට දෙන ගිනි ගෙඩි දවසක පාත් වෙනවාමයි. ඔබේ තාත්තා ඒකට හොඳ උදාහරණයක්
කෝ මේක බාර ඇමැති? වැඩ බැරි ටාසන්ලා ආණ්ඩු කරන කොට රට තවත් බංකොළොත් තමයි.