IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඛනිජ තෙල් සංස්ථාවට මාස හයට ඩොලර් මිලියන 90 අහිමි වේ

නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 6 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අහිමි වී ඇතැයි රජයට ඉදිරිපත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලින් ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන නෞකා දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

පසුගිය මාස 6 ක කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලදී ගත් බොරතෙල් සහ ඉන්ධන තොග පිළිබඳ මෙම විශ්ලේෂණය සිදු කර ඇත.

එහිදී රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු කිරීම සම්බන්ධයෙන් එක් සමාගමක් සදාකාලිකවම අසාදු ලේඛන ගත කිරීමට එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

එම සමාගමේ නිල නොවන නියෝජිතයකුට රහසිගත රැස්වීමක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරාධනා කර ඇති බවත් වෙනත් කිසිදු සැපයුම්කරුවකුට එසේ ආරාධනා කර නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අනෙකුත් සැපයුම්කරුවන්ගේ නෞකා ඉන්ධන නිදහස් කිරීමට වාරයෙන් පිටත රැඳී සිටියදී,මෙම විශේෂිත සමාගමේ නැව් පැමිණ ඇත්තේ අනෙක් සැපයුම්කරුවන්ට සම්පූර්ණයෙන් මුදල් ගෙවා ඔවුන්ගේ ඉන්ධන ලබා ගෙන එම නෞකා පිටත්වීම ආරම්භ කිරීමෙන් පසුව බව එම විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත.

ගුවන් යානා ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම සමාගමට පූර්ණ අයිතිය ලබා දී ඇති අතර අනෙක් සැපයුම්කරුවන්ට මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී නොමැති බව විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන සැපයීමට දෙවැනි සැපයුම්කරුවකු ඇතුළත් කර ගැනීමත් සමග තත්ත්වය වෙනස් වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (2)

ඛනිජ තෙල් සංස්ථාවට මාස හයට ඩොලර් මිලියන 90 අහිමි වේ

SL Monday, 10 October 2022 08:26 AM

කාංචන , ඔබ විදුලි බිල , තෙල් මිල වැඩි කලේ ආයතනවල පාඩුව මකන්න කියල නේ. ඔබ කම්බ හොරෙක්. ඔබේ තාත්තා වගේ මයි මේ රටේ මිනිස්සුන්ට දෙන ගිනි ගෙඩි දවසක පාත් වෙනවාමයි. ඔබේ තාත්තා ඒකට හොඳ උදාහරණයක්

:       0       4

fairoos Monday, 10 October 2022 12:25 PM

කෝ මේක බාර ඇමැති? වැඩ බැරි ටාසන්ලා ආණ්ඩු කරන කොට රට තවත් බංකොළොත් තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site