(ඉන්දිකා රාමනායක)

වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් හලක් කොල්ලකද්දී පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටි කොල්ලකරුකු අද (8 ) රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වත්තල අක්බාර් ටවුමේ පදිංචි (32) පුද්ගලයෙකි

ඉකුත් 02 දින දින අලුයම වෑන් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් දංඕවිට නගරයේ මත්පැන් හලක් කොල්ලකෑ අවස්ථාවේ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදු කළ වෙඩි තැබීමකින් කොල්ල කරුවන් දෙදෙනකු තුවාල ලැබීය.

පොලිසිය එල්ල කළ එක් වෙඩි  උණ්ඩයක් බස් රථයක සිටි තරුණියකට වැදි එම තරුණිය මියගියාය.

තුවාල ලබා සිටි කොල්ලකරුවන් දෙදෙනා අතරින් එක් කොල්ලකරුවකු මෙලෙස මියගොස් ඇත.

වෙඩි වැදුණු සෙසු කොල්ලකරු පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.