(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙිදී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි
ranjith Sunday, 09 October 2022 05:18 PM
ඉතා හොඳ යෝජනාවක්
ලසන්ත Sunday, 09 October 2022 05:20 PM
ජනසභා ඇතිකලා කියලා අපිටනම් සෙතක් නොවේවි. මොකද අපේ ග්‍රාම නිළධාරි වසම නම් කරල තියෙන්නෙ ලංකාවෙ ලියාපදිංචි නැති ගමක නමින් .ලියාපදිංචි ගමේ නම යටපත් කිරීමට අදිසි බලවේගයක් තියෙනවා කියලා හිතෙනවා .ඒ අතර අති විශාල අපේ වසමේ අපි ඉන්න ප්‍රදේශයට ඩෙංගු බලන පිරිස් හැර වෙනත් කිසිම රජයේ නිළධාරියෙක් කිසිදාක එන්නෙ නැහැ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ අපිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට දුර තියෙන්නෙ මීටර් ගණනක් වුනත් වැඩ එහෙමයි.
ගමේ එකාලා Sunday, 09 October 2022 05:51 PM
සභිකයෝ උන්නා කියලා ඇති වැඩකුත් නැහැ.මුදල් නිකරුණේ කාබාසීනියා වීමයි සිද්ද වෙන්නේ.සමහර පළාත් සබා නමට විතරයි .මෙලෝ වැඩක් නැහැ .
රනේ Sunday, 09 October 2022 05:56 PM
මක්කයි අනේ මේ කියන්නේ...
AB Sunday, 09 October 2022 06:45 PM
ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කර ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා එක් ආයතනයක් යටතට පත්කළ යුතුවේ .එවිට මෙම ආයතන 3 මගින් මහජනත්වට වන සේවය වෙන් වෙන් වසයෙන් DATA monitoring system යටතට ඇතුලත්කර ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වැඩකටයුතු වගකීම් පැවරීම් සහ ඔවුන්ගේ performance monitor කලහැකිවේ. එසේ උවහොත් සභික සංඛාව තවදුරටත් අඩුකළ හැකිවේ පළමුව ඔවුන්ට තවකාලික කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබාදීමේදී සෑම වසරකට වරක් ඔවුන්ගේ සේවය සමාලෝචනය කර සේවය ලබා ගැනීමේ ක්‍රමයක් ඇතිකළ යුතුවේ.ආරම්භය ශක්තිමත් කිරීම ඉතම වැදගත්වේ
ජයරත්න Sunday, 09 October 2022 07:05 PM
ඕනෙම නෑ කියල හිතෙන් නැද්ද? මොකද දැන් රටේ තියෙන තත්වය අනුව ඉදිරියට සභියකයන්ට කරන්න වැඩක් නෑනෙ.
ravin Sunday, 09 October 2022 07:32 PM
ඔය විදියටම 225 ත් අඩු කලානම්
MRPM Amarathunga Sunday, 09 October 2022 08:05 PM
එකක්වත් ඕන නෑ ප්‍රාදේශීය ලේකම් ,දිස්ත්‍රික් ලේකම් හොදටම ඇති
Hafeel Monday, 10 October 2022 03:25 PM
මමත් ඔබගේ අදහසට එකඟයි. ඔබ සඳහන් කළා වගේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම්ට අමතරව ග්‍රාම නිලධාරිත් සම්බන්ධ කරගත්තා නම් හොඳයි. අනික මේ රනිල් කියන විතරයි, කරන මිනිහෙක් නොවේ. දැන් පේනවා නේද 22 වැනි සංශෝධනයට වෙලා තියන ඉරණම. තවද රනිල් තුන් වේල කන්න දෙන්න යුගයක් ඇති කරනවා කියලා ඇවිල්ලා... දැන් සමහර පාසල් ළමුන් කුරුම්බැට්ටි කන්න තරමට පත් කළා.
ආනන්ද වික්‍රමසිංහTuesday, 10 January 2023 03:34 PM
නිලදාරීවාදය තදින්ම ක්‍රියාත්මක වන අපේ වගේ රටකට ජනතා නියෝජිතයින්ගෙන් විශාල සේවයක් වෙනව. ඒවාට සුදුසු පුද්ගලයන් තෝරල යවන එක ජනතාවගෙර් වගකීමක්. මගේ යෝජනා, 1/ කසභා නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ දේශපාලන පක්ශ ක්‍රමවේදය අහෝසි කිරීම. ජනතාව්ස්ට ස්වාධීනව නියෝජිතයන් පත්කිරීමට ඉඩ සැලැසීම. 2/ නියෝජිතයන්ට වැටුප් නොදී එය ගරු සේව්ව්‍යක් බවට පත් කිරීම. 3/ සභාව හා සම්බන්ද ව්‍යාපාර වල යෙදීම වැලැක්වීම.
පැරකුම් Sunday, 09 October 2022 09:10 PM
කලයුත්තේ ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ පලාත් සභා නමැති සුදු අලියා අවලංගු කිරීමයි.
chandima Monday, 10 October 2022 02:16 AM
වැඩේ හොඳ බව ඇත්ත තමයි. ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ හිතුමතේ තීරණ ගන්න ජනතා බලය පවරපු, එකාධිපති පාලකයාද? ඉස්සර උන්නු රජවරු වුණත් පුරෝහිතයාගෙන් බැරිම නම්, කේවට්ටයාගෙන්වත් උපදෙස් ගන්නවා.
Demuni Uduwara Monday, 10 October 2022 04:43 AM
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පමණක් නොව, ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120 දක්වා අඩු කරන්න. ඊට සමගාමීව 1972 සිට රටට වගකීමක් වී ඇති ජනාධිපති ධූරය අහෝසි කිරීම.
Bamunuarachchi Monday, 10 October 2022 05:40 AM
අඩු කරන්න එපා නැත්තටම නැතිකරලා දමන්න. ඔය කෙංගෙඩියෙන් රටට වුණු සෙතක් නැහැ. කොහෙවත් ඉන්න පරිපාලනයක් නොදන්නා උගත් කමක් නැති හාල්පාරුවන් පළාත් පාලනයට එනවාට වඩා පැරණි දිසාපති, කොමසාරිස් ක්‍රමය රටට හොඳයි.
Pradeep Monday, 10 October 2022 02:23 PM
මෙම අදහස නිවැරදියි. පළාත් පාලන ආයතනවල ඉන්න බොහෝමයක් දෙනා පවුල් කීපයක අය කියලා මට අත්දැකීම් තියෙනවා. අම්මා, තාත්තා, අයියා,මල්ලි, අක්කා, නංගි, පුතාලා, දූලා, මාමලා, බෑනාලා, නැන්දා, ලේලි සියලු දෙනාම ඉන්නවා විවිධ තනතුරු හදාගෙන තියෙනවා. උදාහරණයක් කියන්නම් වැඩ පරීක්ෂක කියලා තනතුරු කීපයක් ඔවර්සියරලා කියලා තනතුරු කීපයක් කංකානි කියලා තනතුරු කීපයක් තියෙනවා. මෙහෙම කියන්නෙ මොකක්ද බලන්න... එක කම්කරුවෙක් වැඩ පැහැර හැරියොත් පරීක්ෂණ කරන්න බැහැ. ක්ෂණිකව පණිවිඩ යවලා නිකම්මු බේරාගන්නවා. මේ ආයතනවල සිටින අය නම් කියන්නේ ඔවුන් උපතේ සිට මරණය දක්වා අවශ්‍ය කටයුතු කරනවා කියලා. බලන්නකෝ පාරක අවහිරයක්වත් ඉවත්කර දෙන්න ඔවුන්ට බැහැ ඉතින් ජනතා මුදල් නාස්තිකර මේවා පවත්වලා මොකටද?
ලයන් Monday, 10 October 2022 07:27 AM
මෙයා කොහොමද ඔය වැඩේ කරන්නෙ. මේ යෝදයා ඔතනට ගෙනාපු 134 හොරු රැලේ එවුන් තමයි සියට අනූවක් ඔය සභාවල ඉන්නෙ.මෙයාගෙ පන තියෙන්නෙ 134 හොරු රැල ළඟ
Surain Monday, 10 October 2022 10:14 AM
සභිකයින් ගැන අඩුකරන මුවාවෙන් මෙයා ඡන්දෙ කල් දාන්න මාන බලන්නේ...! අඩු කරන්න නම් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා සම්මත වෙන්න ඕනේ. කරන්න හදන්නේම යටිකූට්ටු වැඩ...
MalikaMonday, 10 October 2022 03:59 PM
ඒකනේ. ඒත් එදා ලොක්කා කිව්වනේ රනිල් දැන් අපේ පැත්තේ කියලා. ඒක නිසා ප්‍රශ්නයක් නැතිව ඇති...
බී අමරසිංහ Monday, 10 October 2022 01:01 PM
ඕක වැඩිකළේත් එයාම තමයි..!
susantha Monday, 10 October 2022 02:35 PM
කරයි කියලා තමයි බය... 400ට අඩුවෙන එක කෙසේ වෙතත් 12000ට විතර වැඩිවෙලා නවතියිද දන්නේ නෑ. එහෙව් හොර පල්හොරු තක්කඩි හැත්තක්නේ රට පාලනය කරන්නේ.. මහ ආණ්ඩුවේ ඉඳන් පොඩි ආණ්ඩුව වෙනකන්ම...