(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙිදී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ යෝජනාවක්
ජනසභා ඇතිකලා කියලා අපිටනම් සෙතක් නොවේවි. මොකද අපේ ග්‍රාම නිළධාරි වසම නම් කරල තියෙන්නෙ ලංකාවෙ ලියාපදිංචි නැති ගමක නමින් .ලියාපදිංචි ගමේ නම යටපත් කිරීමට අදිසි බලවේගයක් තියෙනවා කියලා හිතෙනවා .ඒ අතර අති විශාල අපේ වසමේ අපි ඉන්න ප්‍රදේශයට ඩෙංගු බලන පිරිස් හැර වෙනත් කිසිම රජයේ නිළධාරියෙක් කිසිදාක එන්නෙ නැහැ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ අපිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට දුර තියෙන්නෙ මීටර් ගණනක් වුනත් වැඩ එහෙමයි.
සභිකයෝ උන්නා කියලා ඇති වැඩකුත් නැහැ.මුදල් නිකරුණේ කාබාසීනියා වීමයි සිද්ද වෙන්නේ.සමහර පළාත් සබා නමට විතරයි .මෙලෝ වැඩක් නැහැ .
මක්කයි අනේ මේ කියන්නේ...
ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කර ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා එක් ආයතනයක් යටතට පත්කළ යුතුවේ .එවිට මෙම ආයතන 3 මගින් මහජනත්වට වන සේවය වෙන් වෙන් වසයෙන් DATA monitoring system යටතට ඇතුලත්කර ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වැඩකටයුතු වගකීම් පැවරීම් සහ ඔවුන්ගේ performance monitor කලහැකිවේ. එසේ උවහොත් සභික සංඛාව තවදුරටත් අඩුකළ හැකිවේ පළමුව ඔවුන්ට තවකාලික කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබාදීමේදී සෑම වසරකට වරක් ඔවුන්ගේ සේවය සමාලෝචනය කර සේවය ලබා ගැනීමේ ක්‍රමයක් ඇතිකළ යුතුවේ.ආරම්භය ශක්තිමත් කිරීම ඉතම වැදගත්වේ
ඕනෙම නෑ කියල හිතෙන් නැද්ද? මොකද දැන් රටේ තියෙන තත්වය අනුව ඉදිරියට සභියකයන්ට කරන්න වැඩක් නෑනෙ.
ඔය විදියටම 225 ත් අඩු කලානම්
එකක්වත් ඕන නෑ ප්‍රාදේශීය ලේකම් ,දිස්ත්‍රික් ලේකම් හොදටම ඇති
කලයුත්තේ ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ පලාත් සභා නමැති සුදු අලියා අවලංගු කිරීමයි.
වැඩේ හොඳ බව ඇත්ත තමයි. ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ හිතුමතේ තීරණ ගන්න ජනතා බලය පවරපු, එකාධිපති පාලකයාද? ඉස්සර උන්නු රජවරු වුණත් පුරෝහිතයාගෙන් බැරිම නම්, කේවට්ටයාගෙන්වත් උපදෙස් ගන්නවා.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පමණක් නොව, ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120 දක්වා අඩු කරන්න. ඊට සමගාමීව 1972 සිට රටට වගකීමක් වී ඇති ජනාධිපති ධූරය අහෝසි කිරීම.
අඩු කරන්න එපා නැත්තටම නැතිකරලා දමන්න. ඔය කෙංගෙඩියෙන් රටට වුණු සෙතක් නැහැ. කොහෙවත් ඉන්න පරිපාලනයක් නොදන්නා උගත් කමක් නැති හාල්පාරුවන් පළාත් පාලනයට එනවාට වඩා පැරණි දිසාපති, කොමසාරිස් ක්‍රමය රටට හොඳයි.
මෙයා කොහොමද ඔය වැඩේ කරන්නෙ. මේ යෝදයා ඔතනට ගෙනාපු 134 හොරු රැලේ එවුන් තමයි සියට අනූවක් ඔය සභාවල ඉන්නෙ.මෙයාගෙ පන තියෙන්නෙ 134 හොරු රැල ළඟ
සභිකයින් ගැන අඩුකරන මුවාවෙන් මෙයා ඡන්දෙ කල් දාන්න මාන බලන්නේ...! අඩු කරන්න නම් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ලා සම්මත වෙන්න ඕනේ. කරන්න හදන්නේම යටිකූට්ටු වැඩ...
ඕක වැඩිකළේත් එයාම තමයි..!
කරයි කියලා තමයි බය... 400ට අඩුවෙන එක කෙසේ වෙතත් 12000ට විතර වැඩිවෙලා නවතියිද දන්නේ නෑ. එහෙව් හොර පල්හොරු තක්කඩි හැත්තක්නේ රට පාලනය කරන්නේ.. මහ ආණ්ඩුවේ ඉඳන් පොඩි ආණ්ඩුව වෙනකන්ම...