ඩොලරය රුපියල් 285 ක් දක්වා ඉහලට ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 285 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 22 March 2022
ගැසට්ටුවට අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්ට නියෝග අවශේෂ කැලෑ පාලනය සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්ට බලය පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 22 March 2022
‘විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියනවා‘ ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ කිඩ නිසා තෙල් පෝලිම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියන බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2022
මහකනදරාවේ වතුර උතුරට ගෙනයනවාට ගොවීහු විරෝධයේ මිහින්තලේ මහ කනදරාව වැවේ ජලය උතුරු ප්‍ර දේශයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ලෝක ජල දිනය වන අද (22) දියවර ලබාදීමට තිබුණු ආරංචියකට අනුව ඊට විරෝධය පා මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවීහු දහසකට අධික සංඛ්‍යාවක් එම ජල පොම්පාගාරය අසල උද්ඝෝෂණයක නිරත වූහ . 22 March 2022
දුම්රිය ආසන වෙන් කරවාගැනීම ඔන් ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ආසන වෙන් කරවාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ. 22 March 2022
‘අයි.එම්.එෆ් වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක්‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 March 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන ජාත්‍යන්තරය ඇන්දීමක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ට ගෙන ආ සංශෝධන ජාත්‍යන්තර ප්‍රජාව රැවටීම සඳහා කළ උප්පරවැට්ටියක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2022
කුලී නිවැසියන්ට කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක් ඉඩම් හා නිවාස නොමැතිවීම හේතුවෙන් අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා ‘කුලී සින්න’ නමින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 22 March 2022
පුටින්ගේ ‘පෙම්වතියටත්’ විරෝධයක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනා දක්ෂ ජිම්නාස්ටික් ශූරියකි. 22 March 2022
වෙලෙන්දෝ බිත්තර-කුකුළු මස්-පොල්තෙල් නොදන්වා වැඩි කරති වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 22 March 2022
ෂෙඩ්වලට ගිහින් තෙල්ටික ගන්නවත් අද ආරක්ෂාවක් නෑ ජාතික ආරක්ෂාව සලසන බවට පවසා බලයට පත්වූ ආණ්ඩුවෙන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඩීසල් ටිකක්, භූමිතෙල් ටිකක් මිලදී ගැනීමට ආරක්ෂාව නැතැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය. 22 March 2022
විවාහ ලියාපදිංචි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම සඳහා විවාහ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 22 March 2022
නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක් මෙරට බොහෝ නීති සකස්වී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි හදන නවසීලන්තය සතුටු කෙරෙන ආකාරයට යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 March 2022
සතුටින්ම සිටින රට ෆින්ලන්තය පිටපිට පස්වෙනි වතාවටත්, ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනගහනයක් වෙසෙන රට ලෙස ෆින්ලන්තය කිරුළු දරා සිටී. 22 March 2022
ඇමති රියදුරු ඝාතනයට තවත් දෙදෙනෙක් බාරවෙති බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පැවසීය 22 March 2022
‘අමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්‘ අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2022
‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘ ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 March 2022
ගම්මන්පිලත් තනතුරක් අත්හරියි පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇත. 22 March 2022
බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට අයෙකු අත්අඩංගුවට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කරයි 22 March 2022
අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී යකඩ බඩු එකරැස් කරන ස්ථානයක නීතිවිරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 22 March 2022
ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2022
අයි.එම්.එෆ් ගැන කතා කරන්න තාක්ෂණික කමිටුවක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 22 March 2022
‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 22 March 2022
ඉන්ධන,ගෑස් අර්බුදය ලබන සතියේ අවසන්? ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත . 22 March 2022
කාලගුණයෙන් ධීවර ප්‍රජාවට දැනුම් දීමක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2022
වික්ටෝරියා නූලන්ඩ් අද දිවයිනට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මාර්තු 22-23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. 22 March 2022
බලශක්ති ඇමැතිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරැගේ නිවස ඉදිරිපිටදී අද රාත්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියය කියයි. 21 March 2022
බොරැල්ල දේවස්ථාන බෝම්බයේ වෛද්‍යවරයාට ඇප බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 21 March 2022
ඉන්ධන ප්රශ්නය මන්ත්‍රීවරුන්ටත් ඉන්ධන ප්රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ. 21 March 2022
ත්‍රිරෝදය ඉස්සූ තරුණයා රිමාන්ඩ් කොළඹ කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳි සිටි කොළඹ නගර සභා ආරක්ෂක නිලධාරියකුගේ නවතා තිබූ ත්‍රීරෝද රථය සොරාගත් බව කියන විසි හැවිරිදි සැකකරුවකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026