(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පලාත තුල සිදුවන ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් අවම කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ක පිහිටා ඇති   ත්‍රීරෝද රථ හා යතුරු පැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන 2863 ක් හඳුනාගෙන ලේඛනගත කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදි හා ත්‍රීරෝද රථ තම ගරාජ් හා අලුත්වැඩියා ස්ථාන වෙත  අළුත්වැඩියාව සදහා යොමුකරනු ලබන පුද්ගලයින් පිලිබදව ල ඔවුන් විසින් ඉල්ළිම් කරන අලුත්වැඩියාවන් පිලිබද විමසිලිමත් වන ලෙසට හා ඒ  සම්බන්ධයෙන් දැනුම් දීමට ක්රිලයා එම ගරාජ හිමියන්  2111  දෙනකු දැනුවත් කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම වැඩසටහන 2022.10.03 දින සිට 2022.10.07 දින දක්වා බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණි