(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
දශකයකට ආසන්න කාලයක සිට රටවල් කිහිපයක් සම්බන්ධව ඕස්ට්‍රේලියානු පොලිසිය සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට සමත් වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවසුවේය.
සැකකරුවන් 67 සහ 71 වයසේ පසුවන්නන් බවත් ඔවුන් රැකියාව කළ සමාගම දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක් බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පෙන්වා දුන්නේය.
මෙම සැකකරුවන් 2009 සිට 2016 වසර දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් 190000 ක අල්ලස්, ව්‍යපෘති ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට ලබා දී ඇතැයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කළේය.සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ඔවුන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර අද(11) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2017 වසරේදී ලෝක බැංකුව එස්.එම්.ඊ.සී සමාගම සහ ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ එම සමාගමට අනුබද්ධ ආයතන හතරකට එම රටවල කොන්ත්‍රාත්තු කිසිවක් සඳහා ලංසු තැබීම තාවකාලිකව තහනම් කළේය.එසේ තහනම් කරමින්, ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන "නුසුදුසු ගෙවීම්" සම්බන්ධයෙන් සමාගම සම්බන්ධ කරන සාක්ෂි සොයාගෙන ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ රටෙ දුන් අල්ලස් වලට ඒ් අයව ඒ් රටෙදි අත්තඩංගුවට ගන්නව. එ අල්ලස් මෙ රටෙ ගත් අය? ඒගොල්ලො නිදැල්ලෙ. මෙය සිද වී තිබෙන්නෙ 2009 - 2016 කාලයෙදි. මෙ කාල පරාසය වැදගත්.
ඕස්ට්‍රේලියාවේ එහෙම කලාට මෙහෙ එහෙම කරන්නේ නැහැ නේ.
පගාව දුන්න කෙනාට ඕස්ට්‍රේලියන් දඬුවම් ලැබුනත් අපේ රටේ පගාව ගත්තු කෙනා යහතින් ඉඳීවි
වැදගත්ම දේ තමා මෙම ව්‍යාපෘති මොනවාද ?පගාව ගත්තු අයවලුන්ගේ නම් හා තනතුරු ?හා වකවානු හොයාගන්න එක .