(ඉන්දිකා  රාමනායක)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙක් පිසින ලද ව්‍යාංජනය සහිත උණු  කල්දේරමකට  වැටී  පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධිය  සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව මානවහිමිකම් කොමිසම  විමර්ශන ආරම්භ කර ඇති බව  එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළ වු  ප්‍රවෘත්ති   පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බවද  එම ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන්  බන්ධනාගර නිලධාරීන්ගෙන්  ප්‍රකාශ ලබා ගැනීමට නියමිත ඇති අතර,  විමර්ශන කණ්ඩායමක් අගුණකොළපැලැස්ස  බන්ධනාගාර වෙත ගොස් විමර්ශන පැවැත්වීමට නියමිතව ඇත.

මෙලෙම මියගොස් ඇත්තේ  දැරණියගල  පදිංචි (62) පුද්ගලයකු වන අතර මිනිමැරුම් චෝදනාවකට  2001  වසරේ සිට වසර 25 ක සිරඳඩුවම් නියමව සිටි පුද්ගලයකු බවත්, 2028 වසරේ ඔහු එම දඩුවමෙන්  නිදහස් වීමට  සිටි පුද්ගලයකු බව බන්ධනාගාර  දෙපාර්තමේන්තුව පවසයි.

මොහු   මු`ථ ගැන්ගෙයි වැඩ අංශයේ සේවය සදහා යොදවා සිටියදී  ඉකුත් (26) දින පිසින ලද ව්‍යාංජනයක් සහිත  කල්දේරමක් තවත් සිරකරුවෙක් සමග එක්ව ලිපෙන් බා  තැබීමට ලිය අවස්ථාවේ මෙම සිරකරු පය ලිස්ස වැටීමෙන්, ලිපෙන බා තිබු භාජනය තුළ  ඉන්දී ඇත.

සිද්ධියෙන් සිරකරුගේ පිටුපස ප්‍රදේශය හා පිට ප්‍රදේශ පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, තංගල්ල රෝහලේ දින 10ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි මෙම  සිරකරු   ඉකුත්  (6) මියගොස් ඇත.