(අංජුල මහික වීරරත්න)

පාසල් උපකරණ වලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය ආහාර වලට වැට් බදු ඉවත් කරන බවට ආණ්ඩුවේ උදවිය දුන් පොරොන්දු තවමත් ඉටු කරගන්නට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඩී.වී චානක සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුව පත් වී අවුරුදු දෙකහමාරක් ගත වී ඇතත් ජනතාවගේ ජීවන බර අඩු කරන්නට ආණ්ඩුව සමත් වී නැති බවයි.

උද්ධමනය සීයට අටක් දක්වා ඉහල නැගීමෙන් ඒ තත්ත්වය හොඳින්ම ඔප්පු වී පෙනෙන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.