
(නිමන්ති රණසිංහ)
“ජනතා නිදහසට අත නොතබනු” යන මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් සිදුකරන උද්ඝෝෂණය මහජන පීඩාවක් වන බැවින් එය වලක්වන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) ප්‍රතික්ෂේප කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව උද්ඝෝෂණ කිරීමේ අයිතිය මත එය සාමකාමීව සිදු කළ හැකි අතර, ගාලුමුවදොර භාවිතා කරන සාමාන්‍ය ජනතාවට ඉන් බාධාවක් ඇතිවුවහොත් පොලිස් බලතල අනුව කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
යම් හෙයකින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උදඝෝෂකයන් කටයුතු කළහොත් පොලිස් බලතල සේම ප්‍රචන්ඩකාරිව හැසිරෙන අයවලුන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
“ජනතා නිදහසට අත නොතබනු” යන මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් පිරිසක් කොළඹ කොටුව ගාලුමුවදොර පිටියේදී සිදුකරන මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය වන බවත් මේ හේතුවෙන් එහි සිටින ජනතාවට කරදර හිරිහැර සිදුවන බවටද වාර්තාවන බවත් කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණය වැලැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ්‍යට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ, සාමකාමී රැස්වීමේ නිදහස තම සේවාදායකයන්ට ඇති අයිතියක් බවත්, නීති විරෝධී කිසිවක් කිරීමට සැලසුම් නොමැති බවත්ය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධයට තහනමක් ඉල්ලුවත් අධිකරණය ඉවත දමයි
සිල්වා Monday, 10 October 2022 05:44 PM
ජනතාවට පීඩනය සහ හිරිහැර ඇති කරන මෙම ආණ්ඩුව පලවාහැරීම සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට නීතිඥවරුන් ඉල්ලුම් කළ යුතුයි...
BamunuarachchiTuesday, 11 October 2022 06:45 AM
ඔව් ඔව් රටේ නීතිඥයෝ ඉන්න තරමට ඔහෙලට වෙන්නේ පාරේ බෝඩ් උස්සාගෙන ඉන්න තමයි.
Demuni Uduwara Tuesday, 11 October 2022 04:22 AM
සාමකාමී පුරවැසියන් පීඩාවට පත් කරන සහ අපයෝජනය කරන රජයට එරෙහි නඩුවක් පොලිසිය අසමත් විය යුතුය!
sharm warn Tuesday, 11 October 2022 10:51 AM
අනේ නැහැ අපිට නම් මෙ විරෝතාවයෙන් කිසිම පීඩාවක් වෙන්නෙ නැහැ.. අපිට පීඩාවක් වෙලා තියෙන්නෙ මෙ පාදඩ පාලකයන්ගෙ සීමවක් නැති මංකොල්ල කෑම් සහ උන්ගෙ අණසක ට නටන මුර බල්ලන් වගෙ හැසිරෙන පොලිසියෙ ඉන්න මොලේ නැති කොට්ටාසයෙන්. . උසාවියෙන් පොලිසියට නියෝයක් දෙන්න බැරිද මිනිස්සුන්ට පීඩා කිරිම තහනම් කරලද?