
මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.
ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත් මවු කිරි සාම්පල විශ්ලේෂණය කළ අවස්ථාවේදීය.
පර්යේෂණය සඳහා තෝරාගත් මෙම මවුවරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මවුවරුන් බව ද ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
“ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මවු කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යැයි පර්යේෂණයට සම්බන්ධ වූ ඉතාලි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය.
පළමුවෙන් මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක හමුවූයේ සාගර ජීවීන්ගෙනි. ඒ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කරන බැවිනි.
ඉන්පසු කෙමෙන් කෙමෙන් ගොඩබිම වෙසෙන ජීවීන්ගේ සිරුරුවලින් ද මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක විද්‍යාඥයන්ට හමුවී ඇත.
මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කිරිපිටි බිස්නස් කාරයින් ඇඩ්වර්ටයිසින් කරනකොට විශේෂයෙන් දායි අපේ කිරිපිටිවල ප්ලාස්ටික් අඩංගු නැහැ කියලා... දරුවන්ට ඉතා ආරක්ෂාකාරී කියන, දැන් ලංකාවේ කිරිපිටි සමාගම් පුරුද්දට වගේ නිෂ්පාදනය කරන කොටස් ගානේ ගණන් වැඩිකරලා මාකට් එවන්නේ, විශේෂයෙන් දියර කිරිපිටි.. හරිම අසාධාරණ ලෙස වැඩිකරන්නේ... මේවා හොයන්න කෙනෙක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ නම් බයිලා ගගහා කාලා බීලා යනවා.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට දමන ලෝකේ ප්‍රධානම රටවල් 5න් එකක් තමයි ශ්‍රී ලංකාව... ඉතින් ලංකාවේ මුහුද අවට මාළුවල තත්වේ හිතාගන්න පුළුවන්..!