IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයිස් පැතුරුණු ’’සයිස්’’ එක සුරාබදු ලොක්කා හෙළි කරයි

 

(සුජිත් හේවාජුලිගේ)

අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යසනකාරී ලෙස පැතිරෙමින් ඇති  බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

මෙයට පෙර අප හෙරොයින් ගැන කතා කළත්  දැන් දැන් අයිස් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගම්පොල ෆේස්බුක් සාදයකින් පසුගියදා හමුවූ මත්ද්‍රව්‍ය ගත්  පිරිසෙන් වැඩි දෙනෙකු වයස 14-  15 අතර  දරුවන් බවත් ඔහු  පැවසීය.

මේ ඛේදවාචකයේ බරපතළකම ඉන් මොනවට පැහැදිලි වන බව  ගුණසිරි මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

අයිස් පැතුරුණු ’’සයිස්’’ එක සුරාබදු ලොක්කා හෙළි කරයි

SL Monday, 10 October 2022 11:58 AM

වගකිවයුතු පරිපාලකයින්, පොලිසිය, ප්‍රාදේශීය සභාවේ ඉඳලා රටේ මුදල් ගිලින පාර්ලිමේන්තුව, අගමැති, ජනාධිපතිලා ඔවුනොවුන්ගේ දීමනා, පඩි, සලාක වැඩි කරගත්තා මිසක් මේ ව්‍යවසනය ගැන හෙව්වේ නැහැ. දැන් වෙනවිට,මත්කුඩු වලට, අයිස් වලට ඇබ්බැහි වුණු දරුවෙක් නොමැති පාසලක් හොයාගන්න බැරි තරමට මෙය ව්‍යාප්ත වෙලා. තවමත්, තවමත්... කයිය විතරයි, කිසිම ආකාරයකට මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විකුණන අය ඔවුන්ගෙන් යැපෙන පොලිසිය, නාකොටික්, දේශපාලකයින් මේ රටේම දරුවන් මතට ඇබ්බැහි වෙනකල් කල් මරනවා..!!

:       0       20

Small man Monday, 10 October 2022 12:20 PM

ස්තුතියි කොමසාරිස්තුමා අපිව දැනුවත් කළාට. ඔබතුමා ඔය පුටුව රත්කරකර ඉන්නකෝ... අපිි මොනවා හරි කරන්න බලන්නම්...!

:       0       22

සංජීව ගමගේ Monday, 10 October 2022 12:45 PM

වැඩි කතා ඕනෑ නැහැ. එල්ලුම් ගහ ගෙනැල්ලාගෙන ඔවුන් විකුණන අය ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනෑ.. සේරටම මුල නීතිය තද මදිකම...

:       0       17

ANURA ROME Monday, 10 October 2022 12:51 PM

මේ ජාවාරමට අනුබල දෙන දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ කාලකණ්ණි අපතයින්ට ඕන මුළුමහත් ලංකාවේම ඉන්න පාසල් දරුවන්ගේ ජීවිත විනාශ කරලා රට අරාජික කරන... මේ කාලකණ්ණි අපතයින්ගේ ළමයි ඉගෙන ගන්නේ පිටරටවල. මම හොඳ බෞද්ධයෙක්... ඒත් මේ කරන අපරාධයට මොවුන්ගේ මුළු පවුලටම හෙණ හතම ගහන්න ඕනෑ.

:       0       18

රනේ Monday, 10 October 2022 03:03 PM

පොලිසිය කොහොමත් විශ්වාස කරන්න බෑ..

:       0       4

නිහාල් Monday, 10 October 2022 06:19 PM

පොලිසියට වෙන ලොකුවැඩ තියෙනවා. ජනාධිපති මන්දිරයේ ඇඳේ රෙද්ද හොරකම් කරපු එක්කෙනා හොයන්න. පූල් එකේ නාපු අය හොයන්න වගේ දේවල්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site