IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෛද්‍ය වරප්‍රසාද සෙසු වෘත්තීනුත් ඉල්ලයි

(රංජන් කස්තුරි)

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත්  වෘත්තීන්ට ද සමව ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති 20න් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි.

වෛද්‍යවරුන්ට පමණක් එම වරප්‍රසාදය ලබාදුනහොත් ඊට විරෝධය දක්වමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවක් මගින් ලබාදීමට නියමිත පක්ෂග්‍රාහී තීන්දුවක් මත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා අසාධාරණ බව ද එම ලිපියේ සඳහන් කර ඇත.



අදහස් (4)

වෛද්‍ය වරප්‍රසාද සෙසු වෘත්තීනුත් ඉල්ලයි

ranjith Monday, 10 October 2022 08:50 PM

සෞඛ්‍ය කඩ වැටෙනවා කියලා ඔය තරම් කැක්කුමක් තියෙනවා නම් විශේෂඥ වෛද්‍යවරුන් 60 සිට 63 දක්වා පූර්ණ කාලීනව රජයේ රෝහලේ පමණක් සේවය කරන්න.

:       4       2

Lalith M Monday, 10 October 2022 09:55 PM

හතර හිනා. ඒ අය රාජකාරි වෙලාවේ තමා පුද්ගලික රෝහල්වල වැඩ කරන්නේ.....

:       0       0

siri Monday, 10 October 2022 08:53 PM

69න් ඔබ්බට සේවය දෙනවා නම් අනිවාර්යයෙන් දුෂ්කර ප්‍රෙද්ශ වලට ස්ථාන මාරු ලබාදෙන්න.

:       0       0

nimal solangaarachchi Tuesday, 11 October 2022 08:33 AM

අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ලංකාවෙ වෛද්‍යවරු සිතන් සිටින්නෙ රටක එකම උගත් පිරිස ඔවුන් බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඔවුන්ට පමණක් බවත්, අනිකුත් බුද්දිමතුන් අල්ලෙන් වැටුනු පිරිසක් බවත්, සෞඛ්‍ය සේවය යනු වෛද්‍යවරු පමනක් බවත්, එම නිසා රටේ අනිකුත් වෘත්තිකයන්ට සහ ජනතාවට මොන හෙනයක් ගැහුවත් තමාට විශේෂ වරප්‍රසාද හිමි විය යුතු බවත්ය. ඔවුන්ට පමනක් අතිකාල නොකර හොරට අතිකාල ගැනීම, දරුවන් ජනප්‍රිය පාසල් වලට දමා ගැනීම, හෙද උපාදියට සහ සම සෞඛයට අකුල් හෙලීම, පෞද්ගලික විශ්වවිද්‍යාලවට අකුල් හෙලීම, නිදහස් අද්‍යාපනය ගැන තිබෙන කැක්කුම පෞද්ගලික චැනල් වලට නැති වීමත්, ලොකෙ කිසිම රටක නැති ආකාරයෙ වැඩමුර ක්‍රමයක් සකස් කරගෙන ඇඟිලි සලකුණු තියා පැමිනීමේ ලේඛනයක්වත් නැතිව රාජකාරි වේලාවෙ පුද්ගලික රෝහල් වල සිට අතිකාල සමග රජයේ වැටුපත් ලබා ගැනීම, වෙනත් වෘත්තිකකුගෙ වැටුප වැඩි කරන විට වර්ජනය කිරීම ඉන් අතලොස්සකි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site