
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර හදිසි පුතිචාර උපක්‍රමයක බලකාය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇය සතුව තිබූ මෙම දුරකථනය අත්අඩංගුවට ගත් බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ලග ජංගම දුරකථනයක්
ravin Monday, 10 October 2022 11:24 AM
අර රංජන් රාමනායක නිදහසින් පසුව කිව්වා නේද බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක ක්‍රමවේදයන් සමහරක්...? ඔය එක ක්‍රමවේදයකට ජංගම දුරකථනය ඇතුළට ගෙනියන්න ඇති.. නැතිනම් කිල්ලෝටවල තියෙන හුණු කාට කාටත් හොයාගන්න පුළුවන් වේවි...!
සඳුන් Monday, 10 October 2022 12:07 PM
මේවා දකින සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ තිළිණි මේ බන්ධනාගාරෙ ඇතුළේ මකුණො කකා ඔලුවට කොට්ටයක්වත් නැතිව පැදුරු කඩමාල්ලක අනෙකුත් බන්ධනාගාර සිරකාරියන් සමග සිටින අතර කුඩා ජංගම දුරකථනයක් සඟවා ගෙන සිටින විට බන්ධනාගාරෙ ලොකු මහත්තයාට ලැබුණු ඔත්තුවක් පිට එම දුරකථනය අත්පත්කර ගත් බවයි.
C.K.Lankaputhra Monday, 10 October 2022 01:39 PM
මේ කට්ටියට සිර සැප දෙන ක්‍රමවේදයක් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සිර ගෙදර ඇතුලේ තියනවලු. එහෙ ගිය අය තමයි කියන්නෙ.
pakeer Monday, 10 October 2022 02:02 PM
මම නම් හිතන්නේ නැහැ මෙයා හොරෙක් කියලා. බලන්නකෝ මුහුණේ තියෙන පින් පාට. හැබැයි ඉතින් පිනිපාට තියෙන අය තමයි මේ රටට හැමදාම කෙළියේ...!