
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර හදිසි පුතිචාර උපක්‍රමයක බලකාය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇය සතුව තිබූ මෙම දුරකථනය අත්අඩංගුවට ගත් බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රංජන් රාමනායක නිදහසින් පසුව කිව්වා නේද බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක ක්‍රමවේදයන් සමහරක්...? ඔය එක ක්‍රමවේදයකට ජංගම දුරකථනය ඇතුළට ගෙනියන්න ඇති.. නැතිනම් කිල්ලෝටවල තියෙන හුණු කාට කාටත් හොයාගන්න පුළුවන් වේවි...!
මේවා දකින සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ තිළිණි මේ බන්ධනාගාරෙ ඇතුළේ මකුණො කකා ඔලුවට කොට්ටයක්වත් නැතිව පැදුරු කඩමාල්ලක අනෙකුත් බන්ධනාගාර සිරකාරියන් සමග සිටින අතර කුඩා ජංගම දුරකථනයක් සඟවා ගෙන සිටින විට බන්ධනාගාරෙ ලොකු මහත්තයාට ලැබුණු ඔත්තුවක් පිට එම දුරකථනය අත්පත්කර ගත් බවයි.
මේ කට්ටියට සිර සැප දෙන ක්‍රමවේදයක් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සිර ගෙදර ඇතුලේ තියනවලු. එහෙ ගිය අය තමයි කියන්නෙ.
මම නම් හිතන්නේ නැහැ මෙයා හොරෙක් කියලා. බලන්නකෝ මුහුණේ තියෙන පින් පාට. හැබැයි ඉතින් පිනිපාට තියෙන අය තමයි මේ රටට හැමදාම කෙළියේ...!