(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම දියණිය සමග යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකුට මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී මග හරස් කර ඇති මෝටර් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී දෑත් කපා බරපතල තුවාල සිදු කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
දකුණු අත ශරීරයෙන් වෙන් වී යන ආකාරයට එම ප්‍රහාරය සිදු කර ඇති බවත් වම් අතට හා හිසට ද තුවාල සිදු වී ඇති බවත් මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
මීට වසරකට පමණ පෙර මැද්දවත්ත ජනරජ මාවතේ සිදු වු මනුශ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවකු වන තුවාලකරු එම සිද්ධියට ඇප ලබා ගෙන සතියකට ඉහත දී නිවසට පැමීණ තිබේ.
ඇප කොන්දේසි අනුව ඔහු මාතර පොලීසියට ගොස් අත්සන් කර නැවත තම දියණිය සමග නිවසට යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ඊට සම්බන්ධ බවට සැක පිට පුද්ගලයකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.
දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක් ඊට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනයක සැකකරුවකුගේ දෑත් කපයි
fairoos Monday, 10 October 2022 12:34 PM
රට බංකොළොත් වෙනකොට මෙවැනි අපරාධ වැඩි වෙනවා. මේ කාලකණ්ණි දේශපාලකයින්ට සොබාදහමින් පඩිසන් ලැබේවා.
ලුම්බිණි Monday, 10 October 2022 01:47 PM
බොහෝ දෙනෙක් අද ගුණ ධර්ම වලින් පිරිහිලා. ඇත්තටම දේශපාලනයත් මේකට වග කියන්න ඕන.
රනේ Monday, 10 October 2022 03:00 PM
පොලිසිය ගැනත් දැන් වැඩි විශ්වාසයක් නෑනේ...