IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රටේ වත්මන් අර්බුදයට හේතුව කාදිනල් තුමෝ කියති

(තුසිත කුමාර ද සිල්වා)

අප නිදහස ලබා ගත වූ අවුරුදු 74 මේ රටට වෙලා තියෙන්නේ රට ආපස්සට යාමයි ඒකට හේතුව ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අපේ රටේ නායකයක්  කරල තියෙනවා.

ඉස්සර වෙලා අපි කළේ ජාතීන් ජාතීන් අතර භේදය ඇති කිර බලයට පැමිණීම.  1956 න් පටන් අරන් 2009 වන කම්  ඒ භේදය ගෙනාවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පැවැසුහ.

බේරුවල ශාන්ත ආනා දේවස්ථානයට අයත් අලුත්ගම පිහිටි අති උතුම් ජපමාල පරමේශ්වරීගේ දේවස්ථානයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති කිතුනු ආගමික වැඩසටහනකට අගරදගුරු තුමෝ එසේ පැවැසූහ.

මේ අය ආගම් භේදය පතුරුවන්න හැදුවා. පාස්කු ප්‍රහාරය වටකරගෙන ඒක මුල් කරගෙන ආගම් භේදයක් ඇති කරන්න හැදුවා. ඒ ආගම් භේදයේ ගැටයට අපි අහු වුණේ නෑ. නමුත් ඒ ගොල්ලන්ගෙ ටාගට් එක ඒක තමයි. ඊට පස්සේ මොකක්ද කළේ ආර්ථික භේදයක් ඇති කරන්න කටයුතු කළා හිංසාව භීෂණය වැඩි කරන්න සමාජ ක්‍රමයක් රට තුළ බිහි කළා.

ඉතින් මේ ඔක්කොම කළම මොකද වුණේ සතුටින් සැනසිල්ලෙන් ඉන්න හම්බවුනේ නෑ. අද අපි ලංකාවේ ජීවත් වෙන්නේ හැමෝම ඉතාම අසහනකාරී තත්ත්වයකින් ජීවත්වෙන්නේ.

හෙට උදේ නැගිට්ටාම මොනවා වෙයිද කියලා දන්නේ නැහැ . අපිට හැකි අයුරින් යාඥාවෙන් ක්‍රියාකාරී සහභාගිත්වයෙන් මේ රටේ මේ දූෂිත ක්‍රමවේදය වෙනස් කරන්නට අපි කටයුතු කළ යුතුයි.

මේ දූෂිත ක්‍රමවේදය දිගටම ගියොත් ඉන් අපේ රට මීටත් වඩා භයානක විනාශයකට පියවර තබනවා . 

හරි මාර්ගයට රට ගෙනයා යුතුයි ඒක තමයි අපේ වගකීම කැපවීම අන්න ඒ කැපවීම් කරන්න ආදරණීය සහෝදර සහෝදරියනි ක්‍රිස්තු භක්තිකයකු විදිහට අපිට පැවරෙන්නේ අන්න ඒක තමයි.



අදහස් (3)

රටේ වත්මන් අර්බුදයට හේතුව කාදිනල් තුමෝ කියති

sisira Sunday, 09 October 2022 10:55 PM

සියල්ලම සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට ??????

:       8       11

PereraMonday, 10 October 2022 02:44 AM

මිනී මරුවන් වයි හොරුන්වයි දැන දැන බලයට පත කලාට දෙවියන් මදි නොකියන්න ජනතාවට දඬුවම් දෙනවා

:       0       1

mangala Monday, 10 October 2022 01:41 PM

දැන් අර පාස්කු ප්‍රහාරයේ මහාමොළකරු හොයන්නෙ නැතෙයි? අමතක වෙලාද නැත්නම් අමතක කරලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site