
(තුසිත කුමාර ද සිල්වා)
අප නිදහස ලබා ගත වූ අවුරුදු 74 මේ රටට වෙලා තියෙන්නේ රට ආපස්සට යාමයි ඒකට හේතුව ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අපේ රටේ නායකයක් කරල තියෙනවා.
ඉස්සර වෙලා අපි කළේ ජාතීන් ජාතීන් අතර භේදය ඇති කිර බලයට පැමිණීම. 1956 න් පටන් අරන් 2009 වන කම් ඒ භේදය ගෙනාවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පැවැසුහ.
බේරුවල ශාන්ත ආනා දේවස්ථානයට අයත් අලුත්ගම පිහිටි අති උතුම් ජපමාල පරමේශ්වරීගේ දේවස්ථානයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති කිතුනු ආගමික වැඩසටහනකට අගරදගුරු තුමෝ එසේ පැවැසූහ.
මේ අය ආගම් භේදය පතුරුවන්න හැදුවා. පාස්කු ප්‍රහාරය වටකරගෙන ඒක මුල් කරගෙන ආගම් භේදයක් ඇති කරන්න හැදුවා. ඒ ආගම් භේදයේ ගැටයට අපි අහු වුණේ නෑ. නමුත් ඒ ගොල්ලන්ගෙ ටාගට් එක ඒක තමයි. ඊට පස්සේ මොකක්ද කළේ ආර්ථික භේදයක් ඇති කරන්න කටයුතු කළා හිංසාව භීෂණය වැඩි කරන්න සමාජ ක්‍රමයක් රට තුළ බිහි කළා.
ඉතින් මේ ඔක්කොම කළම මොකද වුණේ සතුටින් සැනසිල්ලෙන් ඉන්න හම්බවුනේ නෑ. අද අපි ලංකාවේ ජීවත් වෙන්නේ හැමෝම ඉතාම අසහනකාරී තත්ත්වයකින් ජීවත්වෙන්නේ.
හෙට උදේ නැගිට්ටාම මොනවා වෙයිද කියලා දන්නේ නැහැ . අපිට හැකි අයුරින් යාඥාවෙන් ක්‍රියාකාරී සහභාගිත්වයෙන් මේ රටේ මේ දූෂිත ක්‍රමවේදය වෙනස් කරන්නට අපි කටයුතු කළ යුතුයි.
මේ දූෂිත ක්‍රමවේදය දිගටම ගියොත් ඉන් අපේ රට මීටත් වඩා භයානක විනාශයකට පියවර තබනවා .
හරි මාර්ගයට රට ගෙනයා යුතුයි ඒක තමයි අපේ වගකීම කැපවීම අන්න ඒ කැපවීම් කරන්න ආදරණීය සහෝදර සහෝදරියනි ක්‍රිස්තු භක්තිකයකු විදිහට අපිට පැවරෙන්නේ අන්න ඒක තමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලම සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට ??????
දැන් අර පාස්කු ප්‍රහාරයේ මහාමොළකරු හොයන්නෙ නැතෙයි? අමතක වෙලාද නැත්නම් අමතක කරලද?