(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ කලහුගොඩ ප්‍රදේශයේ දී ඉකුත් 06 වෙනිදා පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා සහ සැකකාරිය ලබන 21 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා අද (08) නියම කළේය.
රිමාන්ඩ් බාරයට පත් කළ සැකකරුවන් පස් දෙනාගෙන්සැකකරුවන් දෙදෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් 21 වෙනිදා ට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්ගෙන් මීගමුව බන්ධනාගාර අධිකාරිට නියම කළේය.
එම ඝාතනයට පැමිණි සැකකරුවකු භාවිතා කළ සපත්තු යුවලක්, පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමක කොටසක් සහ මන්නා පිහි දෙකක් කටාන පාර , දාගොන්න. ලිපිනයේ පිහිටි පොල් ඉඩමක සඟවා තිබියදී සොයා ගෙන ඇති බවට අධිකරණයේ දී සඳහන් වූ අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd