IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පියුමාලි ළඟ මුදල් තැන්පත් කළ හරි ලයිස්තුව දෙන්න

(යොහාන් භාසුර)

තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය.

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ව්‍යාජ නම් ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව ඇති බව කී උදය ගම්මන්පිල මහතා එම ලැයිස්තුවට ඇතුළත්ව සිටින දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා පසුගිය කාලයේ ආණ්ඩුව දැඩිව විවේචනය කළ අය බව ද සදහන් කළේය.

හොරු කියා සම්මත මෙන්ම ඡන්ද කාලයට හොඳට වියදම් කරන කිසිවකුගේ නම් එහි සඳහන්ව නොමැති බවත් දූෂණ චෝදනා ඇති අමාත්‍යවරයකු සහ ප්‍රකට කලාකරුවකු එක්ව එම ලැයිස්තුව සකස් කර ඇති බවට මේ වන විට නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බව කී ගම්මන්පිල මහතා මෙයට සම්බන්ධ සියලු තොරතුරු ලිඛිතව පොලිසියට ලබාදුන් බවත් ගම්මන්පිල මහතා කීය.

 



අදහස් (7)

පියුමාලි ළඟ මුදල් තැන්පත් කළ හරි ලයිස්තුව දෙන්න

ganegoda Sunday, 09 October 2022 04:06 PM

මහණවෙලා හිටපු අයට පියුමාලි කැමති නැහැයිලු.

:       0       16

පුරවැසියෙක්..... Sunday, 09 October 2022 04:41 PM

පියුමාලි ළඟ මුදල් තැන්පත් කළ අය කවුරුන් වූවත් එම නාම ලේඛනය මාධ්‍යට ලබාදී ප්‍රචාරයක් කළ යුතු අතර එම මුදල් උපයාගත් ආකාරය සෙවීමට , අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය. පුරවැසියා අවදියෙන්. මීට භික්ෂුවකුත් සම්බන්ධ බවට ප්‍රචාරයක් යනව. අනේ සියල්ල අතහැර සිටින අයත් මුදල්වලට ඇති ආශාව. අනේ මෙහෙම තන්හාවක්. අනේ මෙහෙම ආශාවක්.

:       0       39

Prabha Sunday, 09 October 2022 06:15 PM

මාත් හිතුවා රුපියල් දහය ගානේ අපෙන් ඉල්ලා ගත්ත ඒවත් තැම්පත් කරාද කියලා.

:       3       25

G PilaSunday, 09 October 2022 07:16 PM

ඒ සල්ලි වලින් පැල මිලියනයක් හිටෙව්වා .පැල කිව්වට තනකොට පැල

:       1       5

sam Monday, 10 October 2022 02:07 AM

මෙයා තැන්පත් කරන්න ඇත්තේ බ්‍රයන් ශැඩොක්ගෙන් හොරකම් කරපු සල්ලි වෙන්න ඇති...!

:       0       4

SUNIL MILANO Monday, 10 October 2022 12:58 PM

මොකද ලිස්ට් එක ඉල්ලන්නේ...? ගාණකට විදින්නවත්ද දන්නේ නැහැ... බබා වගේ කතා කළාට හරිම අණ්ඩපාලයා. දිය යටින් ගින්දර ගෙනියන්න අතිදක්ෂයා...

:       0       3

sampath Wednesday, 12 October 2022 10:11 PM

අබ කෑ මිනිහගේ මොලේ දනවා කියලා කියමනක් තියෙනවා ඒක කට කහනවට නෙවෙයි කියල තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site