(යොහාන් භාසුර)
තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ව්‍යාජ නම් ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව ඇති බව කී උදය ගම්මන්පිල මහතා එම ලැයිස්තුවට ඇතුළත්ව සිටින දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා පසුගිය කාලයේ ආණ්ඩුව දැඩිව විවේචනය කළ අය බව ද සදහන් කළේය.
හොරු කියා සම්මත මෙන්ම ඡන්ද කාලයට හොඳට වියදම් කරන කිසිවකුගේ නම් එහි සඳහන්ව නොමැති බවත් දූෂණ චෝදනා ඇති අමාත්‍යවරයකු සහ ප්‍රකට කලාකරුවකු එක්ව එම ලැයිස්තුව සකස් කර ඇති බවට මේ වන විට නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බව කී ගම්මන්පිල මහතා මෙයට සම්බන්ධ සියලු තොරතුරු ලිඛිතව පොලිසියට ලබාදුන් බවත් ගම්මන්පිල මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහණවෙලා හිටපු අයට පියුමාලි කැමති නැහැයිලු.
පියුමාලි ළඟ මුදල් තැන්පත් කළ අය කවුරුන් වූවත් එම නාම ලේඛනය මාධ්‍යට ලබාදී ප්‍රචාරයක් කළ යුතු අතර එම මුදල් උපයාගත් ආකාරය සෙවීමට , අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය. පුරවැසියා අවදියෙන්. මීට භික්ෂුවකුත් සම්බන්ධ බවට ප්‍රචාරයක් යනව. අනේ සියල්ල අතහැර සිටින අයත් මුදල්වලට ඇති ආශාව. අනේ මෙහෙම තන්හාවක්. අනේ මෙහෙම ආශාවක්.
මාත් හිතුවා රුපියල් දහය ගානේ අපෙන් ඉල්ලා ගත්ත ඒවත් තැම්පත් කරාද කියලා.
මෙයා තැන්පත් කරන්න ඇත්තේ බ්‍රයන් ශැඩොක්ගෙන් හොරකම් කරපු සල්ලි වෙන්න ඇති...!
මොකද ලිස්ට් එක ඉල්ලන්නේ...? ගාණකට විදින්නවත්ද දන්නේ නැහැ... බබා වගේ කතා කළාට හරිම අණ්ඩපාලයා. දිය යටින් ගින්දර ගෙනියන්න අතිදක්ෂයා...
අබ කෑ මිනිහගේ මොලේ දනවා කියලා කියමනක් තියෙනවා ඒක කට කහනවට නෙවෙයි කියල තියෙන්නේ.