(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය.
විවාපත් වීමට ගිය මනාලියගේ වයසේ අවු අවුරුදු 15යි මාස හයක් බව සඳහන් කරන පොලිසිය සැකකාර තරුණයාගේ වයස අවුරුදු 19 බවත් මූලික විමර්ශනයේදී හෙළි වු බව පොලිසිය පැවසීය.
මේ වන විට තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන බව සඳහන් කළ පොලිසිය බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහින්ද රනිල් කසාද බදිද්දී පොලිසියෙන් පාන්නේ නැත්තේ ?
හොඳ වැඩේ, ඇටෙන් පොත්තෙන් පනින්න කලින් මගුල් විසේ....
දෙපාර්ශවයේ වැඩිහිටියන් සහ හෝටලයේ කළමනාකරු අනුබලදීම යටතේ වහාම අත්අඩංගුවට ගන්න පරීක්ෂණ කරන්න.