
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික සභාවේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කමිටුවේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටී.
ඔහු එම තනතුර සඳහා පත් කිරීමට යෝජනා කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එම නාමයෝජනාව ස්ථිර කළේය.
සාමාජික මන්ත්‍රීවරු රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
රාජ්‍ය පරිපාලනය නවීකරණය කිරීම, සෞඛ්‍යය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය කිරීමට සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනිම සඳහා අදාළ ක්ෂේත්රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරු එහිදී තීරණය කළහ.
එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යමකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාවට ඉදිරිපත් කිරීමටත් අනු කමිටු සාමාජිකයෝ එකඟ වූහ.
මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන, අසංක නවරත්න, ගරු මනෝ ගනේෂන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන් කොටු පාලනය පිළිබඳ මනා පලපුරුද්දක් ඇති පාලකවරුන් හදිසියේම අවශ්‍යව ඇත. හොඳ වැටුපක් හා කොමිස් මුදලක් ගෙවනු ලැබේ. වහාම අයදුම් කරන්න.
ගිණිකඳු උඩ විනෝදවන චරිත… අවසානය කුමක්ද?
ඒකත් ඉවර තමයි...!
රටට දෙයියන්ගේම පිහිටයි...
දැන් ඉතින් හැමෝම තමතමන්ගේ පිටිපස්සට පිහියෙන් ඇණගනිල්ලා..!
ඒකත් එහෙනම් විනාශ මුඛයටම යනවා සිකුරුයි. මෙහෙම කම්බ හොරුන්ටම නොවැ තාමත් මේ තනතුරු... පොහොට්ටුවම තමයි තාමත් රට පාලනය කරන්නේ... අපේ කරුමේ නිසාම මොවුන්ගේ අකුසල කර්ම තාමත් ඵල දීලා නැහැ. අනේ මිනිසුන් දුක්විඳින තරම - කන්න නැහැ, බොන්න නැහැ, දරුවෙකුට උගන්වන්න විදියක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. වයසක ලෙඩෙකුට සැනසිල්ලේ නිදාගන්න නැහැ මේ විදුලි කැපිල්ල නිසා. දෙවියනේ මහ රෑ විදුලිය කපනවා කියන්නේ ලෙඩෙක් බුදියගන්නේ කොහොමද? තවත් අලුත් බද්දක් දමලා මේ කාලකන්නි දේශපාලකයින්ට අලුතින් ගෙවල් හදලා දෙන්න. ඔවුන්ගේ ගෙවල් පිච්චුවට අපිද පලි? මේ හොරකම් කරපු, කරන අයට හෙන හතම වදින කාලය වැඩි ඈතක නැහැ. කම්බ හොරු සභාපතිවරු... ඇමැති තනතුරේ නැති අය තාමත් ඇමැති නිවාසවල.... මේ කාගේ සල්ලිද වංචා කරන්නේ? හෙන ගහන වැඩ...!
තාත්තලා, බාප්පලා, රාජපක්ෂලා අපේ රටට කරපු නස්පැත්තිය අමතකද?
පුතාණෝව කොහොම හරි රිංගවන්න තමයි උත්සාහය. ඇත්තටම මොවුන්ට ලැජ්ජාවක් නැහැනේ. කකුළුවා වතුර රත්වෙනකන්නේ දියකෙළියේ ඉන්නේ. බලමුකෝ ඉස්සරහට. ජනතාව ප්‍රතික්ෂේප කරලත් තවමත් එල්ලීගෙන ඉන්නයි කල්පනාව...!
මේ අයට මීට වඩා වෙනස් විදිහකට තමයි කෑම ඉල්ලන්නේ. මේ රටට සාපයක්...!
පොහොට්ටුවේ අයට තාමත් මහින්ද නාමය නැතිව දිනන්න බැරි බව ඔප්පු කරලා ඉවරයි මෙවැනි දේවල් වලින්..., අපේ රටේ ඉන්නේ දේශපාලනය දන්න අය නෙවෙයි. දේශපාලකයෝ... මෙවැනි අය බිහිකරපු අයටත් පව්...!!!
ආයේ නම් මේ රාජපක්ෂ නමකටවත් ඡන්දය දෙන්න එපා.
රාජපක්ෂවරු අපේ මව්බිමට කළ ඉමහත් සේවය අමතක කරන්න තරම්... කුහක ජාතියක් සිටින රටක් තමයි. ශ්‍රී ලංකාව. රිදෙන කාලකණ්ණි අපතයින් දැන් පටන් ගනියි... මෙලෝ රහක් නැති දේවල් ලියන්න.
රටම හොරාකාලා, කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ ඔවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි. තවත් මොන එහෙකට හොර පෙරකදෝරුවන් කිට්ටු කරගන්න හදනවාද? ලැජ්ජයි හිරිකිතයි...
ජාතියට කෙළපු රාජපක්ෂලාට ‘‘ජාතික සභාවේ‘‘ තනතුරු පැවරීමෙන්ම තේරෙනවා... මොකක්ද පාර්ලිමේන්තුවේ සිද්ද වෙන්නේ කියලා... මැතිවරණයකට නැගී සිටිව්...!
අමතක කරන්න එපා... ශිරන්ති "රාජපක්ෂ" වෙන්න කලින් "වික්‍රමසිංහ" කියන එක... "වතුර වඩා ලේ උකුයි" කියලා කියනවනේ...
අපේ රටට ගිය කලක්... දෙවියනේ.!!! මේ කාලකණ්ණි පාලකයෝ රට වනසනවා. අපේ මිනිස්සු අත්පොළසන් දෙනවා.
තරුණයින්ට රට බාරදීම ඉතාමත්ම කාලෝචිතයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න වයසකම කෙනා ආර්.සම්පන්දන් අවුරුදු 89යි. සිස්ටම් එකක් හැදුවා නම් වැඩකළ හැකි තරුණ නායකයෙක්...!
මේ දිලා තියෙන ඒවා වල තේරුමවත් දන්නවද දන්නෙ නැහැ. රජ්ජුරුවන්ගෙ පත්විම් වලින් වැඩ කරන එකම ඇමති. මෙලෝ සසරක් දන්නෙ නැහැ. කරපු ලොකු පිනකට මේ නුගත් පුත්තු තුන්දෙනා වැජබෙන්නෙ. අනිත් මී හරක් රෑනටත් කියන්න තියෙන්නෙ එපමනයි .මිනිසුන්ගෙ කරුමේ
මෙයාගේ මූණ දැක්කමමත් දැන් නම් තරහ යනවා. මුලින්ම හිතට එන්නේ හොර කියලා.
මේ ණය නොගෙවා ඉන්න සහන කාලේ ඉතාම පරිස්සමෙන් හරියට වැඩ දන්නා මොලේ තියෙන මිනිස්සු යොදවාගෙන රට ගොඩ ගන්න තිබෙන අන්තිම සහ එකම අවස්ථාව . ඒකත් අන්තිමට නැති කරන්නද මේ රට බංකොලොත් කරලා විනාස කරපු පිස්සු කාලකන්නින්ට ආයේ ආයෙත් තනතුරු දෙන්නේ? මේ මිනිහා මෙලෝ දෙයක් ඉගෙනගත්තු එකෙක්ද? මහා ලොකුවට අර මෝඩ ගෝටගෙ කාලෙත් ලොකු ලොකු තනතුරු බදාගෙන රටට කරපු මෙලෝ දෙයක් නැහැ මහා විනාසේ මිසක්. එකම දෙයයි තියෙන්නේ පරම්පරාවෙන් සහජයෙන් උප්පත්තියෙන් ජන්මයෙන් උරුමවෙච්ච හොර තක්කඩිකම විතරයි දන්නේ. මටනම් හිතෙන්නේ ඉදිරියේදී රට තවත් ගැඹුරු අගාදයකට යනවා මේ තකතීරුවන්ගේ වැඩ නිසා.
කව්ද බොල ගරු මනෝ ගනේෂන් කියන්නේ? සීනියර්ලාට ජුනියර් කෙනෙක් යටතේ වැඩකරන්න වෙන කාලේ රටට හෙනවදින එක පුදුමයක්ද? සජබෙටත් ඔය හෙනේම වැදිලා.
රටට මෙච්චර වෙලත් රාජපක්ෂ වහල්ලු ඉන්නකම් අබ සරණයි
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ