(දයාරත්න ඇඹෝගම)

ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැවේ වැව් බැම්ම මතදි දස හැවිරිදි හා පස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකුට කෝටුවක් පෙන්වා තර්ජනය කොට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන කසිප්පු ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.

සැකකරු 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම් කරුවෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඔයාමඩුවේ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන දරුවන් දෙදෙනාද සිය භාරයට ගෙන තිබුණි.

එම ස්ථානයට යන අවස්ථාවේදි දරුවන් දෙදෙනා කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික මත්ගතියෙන් පෙලෙමින් සිටි බවද පොලිසිය පැවසිය.

කසිප්පු පානය කිරිමේ හේතුවෙන් රෝගාතුරව සිටි දස හැවිරිදි දරුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.