දිනකට පැය 3 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28) සිට 30 වැනිදා දක්වා දින තුනේ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 27 April 2022
දැව සංස්ථාවෙන් භාණ්ඩාගාරයට කෝටි 140ක පොල්ලක් රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් කෝටි 150 කට ආසන්න ලාභයක් උපයා ඇතත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කර ඇත්තේ රුපියල් කෝටි දහයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත. 27 April 2022
‘මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න‘ සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 27 April 2022
ගෑස් මිලට සාපේක්ෂව ආහාර මිල ඉහළට? ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව තේ එකේ සිට සියලුම ආහාරවල මිල ඉහළ යන බවත් එම මිල ඉහළ දැමීමේ තීරණය ආපනශාලා හිමියන්ට පැවරෙන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 27 April 2022
රඹුක්කන විරෝධයට වෙඩි තියන්න අණ දුන් නිලධාරීන් අල්ලන්න රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් පතිවරයාට නියෝග කර ඇත. 27 April 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. 27 April 2022
‘විශ්වාස භංගයෙන් ජනතා අරමුණු ඉටු වෙනවා දැයි සිතිය යුතුයි‘ විශ්වාස භංගයකින් අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ධුර අවසන් වුවහොත් ජනාධිපතිවරයාගේ බලතල වඩාත් ශක්තිමත් වන හෙයින් ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් ජනතාව බලාපොරොත්තු වන පරමාර්ථ ඉටු වෙනවා දැයි සූක්ෂම සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 27 April 2022
රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවමින් මහා භාණ්ඩාගාරයේ ලෙක්ම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට දැනුම්දී තිබේ. 27 April 2022
මරදාන ශාන්ත ජෝසෆ් විදුහලේ ගින්නක් මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි. 27 April 2022
කොටස් වෙළෙදපොලට යළි පණ එයි කොළඹ කොටස් වෙළෙදපොල යථා තත්වයට පත්වෙමින් තිබෙන බව විනිමය වෙළෙඳපොල ආරංචි මාර්ග සදහන් කරයි. 27 April 2022
රුපියල තවත් බාල්දුවෙයි ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස අද (27) සටහන් විය. 27 April 2022
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 27 April 2022
ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත. 27 April 2022
වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ. 27 April 2022
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත. 27 April 2022
සූ කී ට තවත් වසර පහක සිරදඬුවමක් හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය. 27 April 2022
කෝටි දෙකක සුදු හඳුන් සමඟ 2ක් එස් ටී එෆ් දැලේ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුදුහදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය කොලඹගේ ආර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 April 2022
කමලා හැරිස්ට ‘කොවිඩ්’ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 27 April 2022
සිඟමන් නොදුන්නැයි වෛද්‍යවරයා මරලා බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳක් ඉදිරිපිට සිටින හිඟන්නකු සිඟමන් නොදුන්නැයි උරණ වී තියුණු ආයුධයකින් පහර දී මෙම ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. 27 April 2022
නිවෙසට පැන ගෙහිමියා මරා භාණ්ඩ සොරා ගනී කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ ඔප්පු සහ රුපියල් ලක්ෂ ගණන් වටිනා රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැලණිය පොලිසිය කියයි. 27 April 2022
පළාත් කීපයකට වැසි තත්ත්වයක් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 April 2022
රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 27 April 2022
විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ. 26 April 2022
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600 ක් ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 26 April 2022
ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ විදුලි බිල වැඩකිරිමට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම කිසිදු අවසරයක් ලබාදි නැති බවද සියයට සියකින් විදුලි බිල වැඩිවන බවට පැතිරෙන කට කතාවල කිසිදු සත්‍යයක් නැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පැවසීය. 26 April 2022
අලි සබ්රි ආයෙත් අධිකරණ ඇමැති මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය. 26 April 2022
රජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක් රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් අද (26) යොමු කළේය. 26 April 2022
ලිට්රෝ ගෑස් මිල ආයෙත් නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 26 April 2022
ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් යටතේ අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභා පවසයි. 26 April 2022
ලිට්රෝ ගෑස් මිල ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 26 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026