පළාත් රැසකට සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2022
සුපිරි වාහන සමග තරුණයෙක් මාට්ටු විරෝධී ක්‍රම මගින් අයථා ලෙස මුදල් රැස්කර රුපියල් ලක්ෂ 250 ක් වටිනා ජිප්රථයක් සහ ලක්ෂ 65ක් වටිනා මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තරුණයකු ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 October 2022
බණ්ඩාරනායක ගුණ සමරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි සහ එම පක්ෂයේ හිටපු සභාපතිනි, දිවගත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පිංකමක් එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) රාත්‍රියේ පැවැත්විණි. 11 October 2022
මිරිහානේ වෙළෙඳ හලක ගින්නකින් අයෙක් මරුට මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ හලක් තුළ අද අළුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි 11 October 2022
මල් වට්ටියට ලක්ෂ හතර හමාරක ලංසුවක් මාතලේ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති බඳුන් වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 4,50,000කට අලෙවි වූ බව සංවිධායකයෝ පවසති. 10 October 2022
සිසුවියක් පාසලේ දී ඇද වැටී මිය යයි පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ සිසුවියක් පාසල අවසන් වී දිවයමින් සිටියදි 10 දින එකවර පාසල් භුමියෙ ඇද වැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 10 October 2022
ගොඩ කළ වගුර යළි වගුරක් කරනු රාගම මත්තුමගල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ කළ ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිලි වහාම කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය දුන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම ඉඩම කලින් තිබූ තත්ත්වයට පත්කරන්නැයි නියම කළේය. 10 October 2022
නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක්, කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ, පාසල් ශිෂ්‍ය නායක ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්රහයෙනි. 10 October 2022
යුද හමුදාවේ 73 වන සංවත්සරය සමරයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සර දින පෙළපාලිය යුද හමුදා පති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පාබල රෙජිමේන්තුවේ දී අද (10) පැවැත්විය 10 October 2022
සංචාරකයන්ට තෙල් කාඩ් එකක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී ඇත. 10 October 2022
ලංකාව ජපානය සමඟ ගිවිසුමක් අත්සන් කරයි කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 10 October 2022
ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ. 10 October 2022
‘කොළඹ මුද්දර දැක්ම 2022’ තැපැල් මූලස්ථානයේදී මුද්දර කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි. 10 October 2022
අත්අඩංගුවට ගත් අරගලකරුවන් පස් දෙනාට ඇප අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) නියෝග කළේය. 10 October 2022
විධායක බලතල රට ආරක්ෂා කරනවා පාර්ලිමේන්තුව තුළ යම්කිසි පක්ෂයකට බහුතර බලය ගතහැකි මැතිවරණ ක්‍රමයක් යටතේ විධායක බලතල ඉවත් කරන්නේ නම් එයට එකඟ බවත් එසේ නොකර විධායක බලතල ඉවත්කිරීම රටට හානිකර බෙදුම්වාදයට පාර කපන ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාරිලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය. 10 October 2022
හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතුයි සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළින් පිළිබිඹු නොවන බැවින් හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 10 October 2022
විරෝධයට තහනමක් ඉල්ලුවත් අධිකරණය ඉවත දමයි “ජනතා නිදහසට අත නොතබනු” යන මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් සිදුකරන උද්ඝෝෂණය මහජන පීඩාවක් වන බැවින් එය වලක්වන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) ප්‍රතික්ෂේප කළේය. 10 October 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින 4ක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (11) මේ මස 14 වැනිදා දක්වා දින 4 ක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 October 2022
දුම්රිය රියදුරෝ වර්ජනයක් අරඹති දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (10) පස්වරුවේ පැවසීය. 10 October 2022
ටවර්හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක වූ සූරියරාණි කළුරිය කරයි ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක, ටවර්හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ සූරියරාණි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 10 October 2022
ජාතික සභාවේ කාන්තා නියෝජනය වැඩි කරන්න ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දෙමින් ඉල්ලීමක් කළේය. 10 October 2022
එරික් සොල්හයිම් දිවයිනට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතා මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 10 October 2022
’’උප්පරවැට්ටි යොදා ඡන්දෙ කල්දාන්න හදනවා’’ ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවත්විය යුතු වුවත් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උප්පරවැට්ටි යොදමින් සිටින බව විපකශයේ ප්‍රධාන සංවිධායක ලකෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 10 October 2022
ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය. 10 October 2022
මැතිවරණ කල්දැම්මොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා ජනතාව හමුවට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල්දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත්, එසේ මැතිවරණ කල්දැමීමට ඉඩනොදෙන බවත් නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 10 October 2022
ජනාධිපති කවුරුවත් කොන් කරන්නේ නෑ ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 10 October 2022
පාඨලීගේ විදෙස් තහනම ඉවතට රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තිරණය කළේය. 10 October 2022
යුද හමුදාවේ 73 සංවත්සරයට 7500කට උසස් වීම් යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 10 October 2022
වෛද්‍ය වරප්‍රසාද සෙසු වෘත්තීනුත් ඉල්ලයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට ද සමව ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති 20න් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි. 10 October 2022
දරුවන්ට හිරිහැර කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 10 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026