
(යොහාන් භාසුර)
ගංජා වගාවට අවසර දුනහොත් එය මාරාන්තික කර්මාන්තයක් ලබන විශාල ජයග්‍රහණයක් වන නිසා අනාගත පරපුරේ යහපත උදෙසා එය වැලැක්වීමට නොපමාව ක්‍රියාත්මක වන ලෙස සියලුම මහනායක හිමියන්ගෙන් ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ලිපියක් යොමුකර තිබේ.
ගංජා නීතිගත කිරීම වළක්වාලීම මගින් අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසන රැසක් වළකාගත හැකි බවත් එය නීතිගත කළ හොත් නැවත හැරවිය නොහැකි මෙන්ම වර්තමානයේ ගංජා නීතිගත කරනොමැති තත්වයක් තුළ ද බරපතල ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ එම ලිපියෙන් පවසති.
දුම්කොළ හා මද්‍යසාර හානිය අවම කිරීම සඳහා 2006 වසරේදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ ‘දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත’ ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එය වැලැක්වීමට අදාල සමාගම් සහ සහචර සංවිධාන ක්‍රියාකළ ආකාරය මෙවැනි පනතක් සම්මත වුවහොත් නැවත හැරවිය නොහැකි බවට ආසන්නතම උදාහරණය බව කියන ඕමල්පේ සෝභිත නාහිමියෝ ගංජා වගාව නීතිගත කිරීමට උත්සහ කරන පුද්ගලයන් සමාජය තුළ පතුරුවා ඇති වැරදි තොරතුරු පිළිබඳව සත්‍ය තත්වය පැහැදිළි කළ යුතු බව ද සඳහන් කරති.
ගංජා හිතකර ද්‍රව්‍යයක් බවට සාමාන්‍ය සමාජය තුළ මතයක් ගොඩනැගීමට බුද්ධාගම, කතෝලික සහ හින්දු යන ආගම් ද යොදාගෙන ඇති බවත් ඇඹිලිප්ිය ප්‍රදේශ ආශ්‍රිත අක්කර 10,000 ක මූලික පියවර ලෙස කංසා වගා කිරීමට සැලසුම්කර ඇති බව දැනගන්නට තිබෙන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.
එම ලිපියේ පිටපත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 13 කට ද යොමුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ දැනටමත් වැඩිපුරම ගංජා වවන්නෙ ඇඹිලිපිටිය නේ. නිතිගත කරාම ඇඹිලිපිටිය ජනතාවගෙ බඩට වදින නිසා නේද ඔහොම කියන්නේ .
පිස්සු...
ගන්ජ වවනවද, එපාද සාරි හොද ද එපාද කියල තීරණය කරන්න මෙ හාමුරුරුවන්ට ඔනි නම් එකට මෙ රටෙ පක්ශ විපක්ශ මිනිස්සු ඉන්නව.
ගන්ජා මත්ද්‍රව්‍යක් වුණොත්නෙ භයානක. ඒ සඳහා ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න මහා සංඝරත්නයට පුලුවන්. මම කියන්නේ භාගයවතුන් වහන්සේ දෙසූ මග යන මහා සංඝරත්නය . අරහත් ධජයට නිගාදෙමින් අපායගාමී වූ අය ගැන නොවෙයි. රටට විදෙස් විනිමය ඉපයිය හැකි ඖෂධ වගාවෙක් ලෙස ගන්ජා රටට වැඩක් වෙයි.
ගංජා මත්ද්‍රව්‍යක් තමයි...
ඔය වවන්න යන්නෙ මිටි බැදල ඉරිද පොලෙ විකුනන්නද? ණැත්නම් නිස්සාරනය කරල ඖශඩ විඩිහට පවිච්චි කරන්නද?
මුන් තමයි රට කන්නෙ