(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා හමුදාව අත්පත් කරගෙන සිටින උතුරේ දෙමළ සිවිල් වැසියන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට සහාය වන ලෙස අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය නම් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව නිව්ස් වයර්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
දෙමළ වැසියන්ගේ අක්කර දහස් ගණනක ඉඩම් ශ්‍රී ලංකා හමුදා යුද සමයේදී අත්පත් කරගත් බවත් යුද්ධය අවසන් වී වසර 13 ක් ගත වුවද තවමත් එහි නීත්‍යානුකුල අයිතිකරුවන්ට එම ඉඩම් භාර දී නොමැති බවත් එම සංවිධානය පවසා තිබේ.
එම ඉඩම් වල තිබෙන හින්දු දේවාල, පාසැල් කඩා දමමින් හෝටල්, බංගලා,නිවාස සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකරමින් ආරක්ෂක අංශ මෙම ඉඩම් වල උපරිම ප්‍රයෝජනය ගන්නා බවත් එම ප්‍රදේශ වල බෞද්ධයන් ජීවත් නොවන බවත් එම සංවිධානය චෝදනා කර ඇත.
මේ හේතුවෙන් එම ඉඩම් වල අයිතිකරුවන් අවතැන් වී කඳවුරු වල ජීවත් වන බව එම සංවිධානය පවසයි.පසුගිය සතියේ දෙමළ වැසියන්ගේ ඉඩම් නැවත භාරදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවති බවත් එම විරෝධතාව ආරක්ෂක අංශ විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත් එම සංවිධානය පවසා තිබේ.
නමුත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ හමුදා භාවිතයට ගත් දෙමළ සිවිල් වැසියන්ගේ ඉඩම් සියයට 95 නැවත භාර දී අවසන් බවත් ඉතිරි සියයට 5 ද හැකි ඉක්මණින් භාර දීමට කටයුතු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙන් ඒ ටික ගන්න පුළුවන් බව අපිත් දන්නවා.
ආරක්ෂාවට තර්ජනයක් නොමැති නම්... මෙම ඉඩම් පරණ අයිතිකරුවන්ට බාර දෙන්න ඕනෑ... අපි මේ ප්රශ්නය ගැන මානව හිතවාදීව සිතන්න අවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්න ගැන සොයාබලා ඉතා ඉක්මන් විසඳුමක් දෙන්න අවශ්‍ය වෙනවා.