(සුජිත් හේවාජුලිගේ සහ  මංජුල මහික වීරරත්න)

රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි  රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

උද්ඝෝෂණ කර රටක් දියුණු කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

"රටට සංචාරකයෝ පැමිණිය හොත් පමණයි ඩොලර් එන්නේ. නැත්නම් ඩොලර් නැහැ. උද්ඝෝෂණ තියෙනකොට සංචාරකයෝ එන්නේ නෑ" යැයිද  වෙල්ගම මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල  සේවක සංඛ්‍යාව වැඩිවීමට මේ සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වගකිවයුතු බවත් තමාද කලුතර  අය රජයේ රැකියාවලට දැමූ බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය  ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.