පාර්ලිමේන්තුව 17 තෙක් කල් තබයි මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 06 May 2022
ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දිගුවෙයි ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසළ අද (6) පෙරවරුවේ සිට කිලෝමීටර් ගණනින් දිගු පෝලිම් දැකිය හැකිය. 06 May 2022
මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් රනිල්ටත් චෝදනාවක් අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා:-(දෙජාසං) පැවසීය. 06 May 2022
කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි? රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2022
‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘ නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන තිබූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට නතර කිරීමට මුලසුනේ සිටි හේශා විතානගේ මහතා කටයුතු කළේය. 06 May 2022
ගාලුමුවදොර විරෝධතාව ගැන පැමිණිල්ලක් 10 දා විභාගයට ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයෙන් මහජන පීඩා සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (06) නියෝග කළාය. 06 May 2022
‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘ මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6)පැවසීය. 06 May 2022
අන්තරේට කඳුළු ගෑස් බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරයි. 06 May 2022
ගුණපාල රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති වරයාට ලිපියක් බාර දුන් බව සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 May 2022
‘ලබන සතියේදී විශ්වාසභංග දෙක විවාදයට ගන්න‘ ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනා දෙක ලබන සතියේම විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
‘මේ ශාපය උදා වුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසයි‘ රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
‘‘විශ්වාසය භංග වුණොත් මොකද කරන්නේ‘‘ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට එකඟවන්නේ ද,එසේ නැතිනම් ආණ්ඩුව බාරගෙන රජයක් පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අදහස දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 06 May 2022
නිදහස් සේවක සංගමයමත් ප්‍රභූ රාජකාරිවලින් ඉවත් වෙයි ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරියෙන් ඉවත්වීමට ආගමන විගමන නිලධාරීන් ගත් තීරණයට සහයෝගය දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයෝ ද ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරිවලින් අද (6) සිට ඉවත් වූහ. 06 May 2022
රට පුරා විරෝධතා උත්සන්න වෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි. 06 May 2022
මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි. 06 May 2022
රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්රභාකරන් සමඟත් ’’චැට්’’කළා තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්රභාකරන් සමඟ ’’චැට් ’’එකක් දැමුවේ යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාර යුරෝ ලක්ෂ දෙකක මුදලක් මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත. 06 May 2022
‘විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායක ගෙයත් වටලයි‘ කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2022
කටුනායක-මහනුවර පාර අවහිර වෙයි මිනුවන්ගොඩ නගර මධ්‍යයේ කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මල් වඩම් සහ මිනී පෙට්ටියක් තබා ගෙන දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ . 06 May 2022
අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල රිය අනතුරක් හේතුවෙන් අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 11 ට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය. 06 May 2022
සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි ‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 May 2022
‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘ පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය. 06 May 2022
මාස 6 බිලිඳිය වැසිකිලි වළට දමා මරලා සීදුව තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී මාස 6ක බිලිඳියක් වැසිකිලි වළකට දමා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි. 06 May 2022
‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘ වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි . 06 May 2022
බොහෝ ප්‍රදේශවලට අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 May 2022
රුපියලේ අඩුවට කොන්දාගෙන් මගියට කණේ පහරක් බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු 72 හැවිරිදි වකුගඩු රෝගියකුට බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි 05 May 2022
කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 05 May 2022
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස් මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 05 May 2022
හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද (6) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 05 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026