මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස් මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 05 May 2022
හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද (6) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 05 May 2022
අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 05 May 2022
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 05 May 2022
ආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(5)පැවසීය. 05 May 2022
ඉන්ධන බෙදීම සීමා වෙයි ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නැවත සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 May 2022
පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණූ නඩු භාණ්ඩ බාරකරු 19 තෙක් රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් ගබඩා කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරියකුට විකුණූ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධසනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (05) නියෝග කළාය. 05 May 2022
මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි මේ සතියේදීත් ජනතා ප්‍රශ්නවලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 May 2022
අත්‍යවශ්‍ය සේවා සඳහා බස් සහ දුම්රිය රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඇතුළු පිරිස් හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (5) ප්‍රකාශ කළේය. 05 May 2022
මහ බැංකු හිටපු අධිපතිගේ විදෙස් තහනම දික් කරයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණා එමගින් රජයට රුපියල් බිලියන 1040 ක් පාඩුවක් සිදුකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (05) නියෝග කළේය. 05 May 2022
මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට ගිනි තබයි ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නොදුන්නොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුවට ගිනි තබනු ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2022
විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2022
කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටෙයි රුපියල් කෝටි 10 ට අලෙවි කිරීමට සූදානමින් සිටි ගජමුතු 07 ක් සහ මුතු 06 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 05 May 2022
ජනතා හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තු විශ්වාසය නැති වේවි ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 05 May 2022
ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 May 2022
පැය 3 ක විදුලි කප්පාදුව තවත් දින තුනක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා තව දුරටත් පැය 3 යි මිනිත්තු 20 ක් ලෙස පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 05 May 2022
විපක්ෂය සටන පාවා දුන්නා විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
යකඩ ප්රශ්නය අධිකරණයටත් යයි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 05 May 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි හදිසි පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1:30 ට කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 05 May 2022
ඉතිහාස ගත ලෙස රුපියල බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 356.83 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 369.99ක් විය. 05 May 2022
බස් ගැමුණුගෙන් රතු එළියක් බස් ධාවනයෙන් හෙට (6) දිනයේ ඉවත් වන බවත් ඩීසල් ප්රශ්නය හේතුවෙන් ඇතැම් විට තවත් කාලයක් ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 May 2022
දුම්රිය ස්ථානාධිපතිවරු හර්තාලයට සහය දක්වයි රජයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 2000 ක පමණ සහභාගිත්වයෙන් හෙට (6) පැවැත්වෙන හර්තාලයට සහයෝගය දක්වමින් හෙට දිනයේ සේවයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. 05 May 2022
නියෝජ්‍ය කතානායක ඡන්දෙට අටදෙනෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. 05 May 2022
පාස්පෝට් කන්තෝරුවේ පරිගණක යාවත්කාලීන කරයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීම අද (5) පස්වරු වන විට යථා තත්වයට පත්කළ හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 05 May 2022
ඡන්ද විමසීම අවසන් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පස්වරු 12:30 ට අවසන් විය. 05 May 2022
‘යකඩ කතාව ප්‍රබන්ධයක්‘ ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි ගෙන යන ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
නි.කතානායක තෝරන ඡන්දය කඩිනම් කරයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වේගවත් කිරීම සඳහා තවත් අමතර ඡන්ද කුටියක් සභා ගැබේ ස්ථාපිත කරනු ලැබීය. 05 May 2022
අද-හෙට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වහයි පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද (5) සහ හෙට (6) යන දෙදින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 05 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026