
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු විස්සක් පරණ රෙදි රේගුවේ දිරාපත් වෙමින් තිබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රේගුවේ ගුදම් පරීක්ෂාවකට ගිය අවස්ථාවේ මේ කාරණය තමා දුටු බවද අමාත්‍යවරයා කීය.
අවුරුදු විස්සක් තිස්සේ තිබෙන නඩුවක් නිසා මේවා දිරාපත් වෙමින් තිබෙන බව දැනගත් බව කී අමාත්‍යවරයා හාල්, සැමන් ටින් විශාල සංඛ්‍යාවක් දිරාපත් වෙමින් තිබෙන බව එහිදී දුටු බවද කීය.
ජනතාව අමාරුවෙන් ඉද්දි මේවා දිරාපත් වෙන බව කී අමාත්‍යවරයා මේවා සත්ව ආහාර සඳහා හෝ යොදා ගන්න බැරිදැයි ප්‍රශ්න කළේය.
එම ගැටළු පැනනැගීම වැළැක්වීම සඳහා රේගු ආඥා පනත කාලීන අවශ්‍යතා අනුව වෙනස් කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දිරනවා නෙවෙයි, මේවා ගබඩා කරලා තියෙන්නේ. ඊළඟ මැතිවරණය එනකන්.
සත්වයන්ට නෙවේ ඔය තඩි කොට බඩාට දුන්නොත් ඌම ඒව ගෙදර අරන් ගිහින් සතියක් එතුලත ඔක්කොම ටික (රෙදිත් ඇතුලුවා කාල ඉවරකොරල හොද නින්දකුත් දාවිනෙ.)