(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයට 3.1 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ සියයට 73.7 ක් වූ උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 70.6 දක්වා පහත වැටී ඇත.
සැප්තැම්බර් මස සියයට 85.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 80.9 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවේ සඳහන් වේ.
එසේම සැප්තැම්බර් මස සියයට 62.8 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 61.3 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
ඔක්තෝම්බර් මස සියයට 70.6 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 38.5 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 32.1 ක දායකත්වයක් ලබා දී ඇත.
COMMENTS
ඔය සංඛ්‍යා ලේඛන හදන්නෙත් කියන්නෙත් ඒ අය, ඕව විස්වාස කරන්න බෑ
ඔයාලගේ වාර්තා එහෙම උනාට... හුඟාක් අය දැන් කෑම දිහා බල බල යනවා විතරයි.