මාතර කළු කඩවල වැඩි මිලට ගෑස් ඕනෑ තරම් වෙළෙඳ පොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් ගෑස් නොමැති වුවද කලු කඩ වල රුපියල් 10,000 - 12,000ට මිලදී ගැනීමට ගෑස් තිබෙන බව මාතර ගෑස් පාරිභෝගික ජනතාව පවසති. 04 May 2022
රටේ නීතිය තැබිය යුතු තැන කාදිනල් තුමෝ කියති මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ. 04 May 2022
ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. 04 May 2022
අයවැයේ උවමනා නැති වියදම් කපා ජනතාවට සහන දෙන්න ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 May 2022
අගමැති කාර්යාලයෙන් අනුරට එරෙහිව නඩු මගට ? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි. 04 May 2022
හරි තීන්දු ගත්තොත් සහය දෙනවා ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තොත් සමගි ජනබලවේගය ඒ සමග සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ සිටි පිරිසක් අත්අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 May 2022
කෝටි 12ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 492 ක් සමගින් සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් යාපනය සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද (04) අලුයම් කාලයෙදී අත්අඩංගුවට ගනු ලැබීය. 04 May 2022
කුඩ්ඩා පැන්නැයි එස්.අයි ගෙදර පොලිස් බාරයේ සිටි හෙරොයින් සැකකරුවකු පලා යාමේ සිද්ධියක් හලාවත මුලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි. 04 May 2022
නියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04) දැනුම් දුන්නේය. 04 May 2022
‘මුදල් ඇමති රටේ සංචිත හෙළිකරයි ‘ වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
හොර රන් විකුණන්න ගිය අඹුසැමි යුවළ මාට්ටු නිධානයකින් ලබාගත් දඹරන් බව අඟවා රන් ආලේපිත ලෝහ කැබලි තොගයක් පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට සූදානම් වූ අඹු සැමියන් එම ව්‍යාජ ලෝහ කැබලි තොගය සමඟ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 04 May 2022
‘ආදායම් බදු වැඩි කරනවා‘ ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
සතොසට නව සභාපතිවරයෙක් සතොස නව සභාපතිවරයා ලෙස හිටපු උප සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පත් කර ඇත. 04 May 2022
ඩොලරය 400 ට ආසන්න වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබේ. 04 May 2022
‘හරි ආර්ථික කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක්‘ ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 04 May 2022
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය. 04 May 2022
ඖෂධ ගැටළු විසඳන්න අංකයක් ඖෂධ පිළිබඳ ගැටළුවක් නම් 1999 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් සහයෝගය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය. 04 May 2022
පොළොන්නරුවට කැලෑ පාළුවෝ පනිති පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මායිම්ව පිහිටා ඇති වැලිකන්ද මුතුගල විල්ලුවේ දිගු කලක සිට කුඹුක් ගස් කපා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු සඳහන් කරති. 04 May 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 May 2022
මන්ද මානසික කතගේ ගල් ප්‍රහාරයෙන් 13ක් රෝහලට පොලොන්නරුව අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට යාමේදී එම බස් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 03 May 2022
පොතුහැර දුම්රිය සේවකයන්ගේ විනය පරීක්ෂණය අත්හිටුවන්න රටේ පවතින ව්‍යාකූල තත්වයට එරෙහිව පසුගිය 28 වැනිදා පැවැති විරෝධතාවට සහය දක්වමින් සේවයෙන් ඉවත්ව සිටි පොතුහැර දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට එරෙහිව ක්‍රියාත්මක කරන විනය පරීක්ෂණයට දැඩි විරෝධය පළකරන බවත් එම පරීක්ෂණය පැය 48 ක් තුළ හකුලා නොගත හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ. 03 May 2022
පාස්පෝට් කන්තොරුවේ දොර හෙට බාගෙට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට හෙට (4) නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. 03 May 2022
හර්තාලයට කිසිදු සහායක් දෙන්නේ නෑ රටපුරා 6 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට කිසිදු සහයක් ලබා නොදෙන බවත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තී සමිති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (3) පොරොන්දුවූහ. 03 May 2022
පානදුර ශ්‍රී ජිනධර්මදාන විදුහලේ පරිඝණක විද්‍යාගාරයට ගිනි තියලා පානදුර, කෙසෙල්වත්ත ශ්‍රී ජිනධර්මදාන විදුහලේ විදුහල්පති නිල කාමරයට සහ පරිඝණක විද්‍යාගාරයට අද (03) පස්වරුවේ ගිනිතබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12 සහ 9 වියැති දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 03 May 2022
අනුර කුමාරගේ චෝදනාව: නීතිමය පියවර ගන්නවා ඇමරිකා එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි නමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් නිසි අනුමැතියකින් තොරව 2014 වර්ෂයේ දී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය 03 May 2022
පවුල් ආරවුලකට බිරියගේ ගෙල කපා ඝාතනය කරලා පවුල් ආරවුලක් හේතුවෙන් අංකොක්කාවල ප්‍ර දේශයේදී සැමියා විසින් අද (03) සවස බිරිඳට පිහියෙන් ඇන ගෙල කපා ඝාතනය කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 03 May 2022
රාමසාන් සමරා ගොල්ෆේස් අරගල පිටියේදී මහා සංඝරත්නයට දන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති නිර්පාක්ෂික අඛණ්ඩ අරගලයට අද (3) ට දින 25 ක් සම්පූර්ණ විය. 03 May 2022
හරියට කරන්න බැරිනම් දාල යන්න ආණ්ඩුව කරන්නේ නම් එය හරියට කළ යුතු බවත් ජනතාවාදීව කටයුතු කළ නොහැකිනම් ආණ්ඩුව අතහැර යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (3) දැනුම් දුන්නේය. 03 May 2022
ඉන්ධන ගන්න ජනතාව පැයගණන් දහදුකේ ඉන්ධන හිඟයක් අද (3) දිනයේ රටපුරා පැවතීම නිසා ජනතාව ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල රැදී සිටිය ආකාරය දැකගත හැකිවිය. 03 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026