(දයාසීලී ලියනගේ)
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.
දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුණුපත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පි.බී. ගුණතිලක මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් කර ඇත.
උචිත නියමිත කාලය තුළ ජාතික හඳුණුම්පත නොගත් ඉල්ලුම්කරුවන් සඳහා
ඒ අනුව වයස අවුරුදු 15 එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 ක් ද, පුරවැසි භාවය පිළිබඳ පනතේ 19 (2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 6ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුණුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 යක් ද ,ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2500 ක්ද, වශයෙන් දඩමුදල් අයකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂ නිසා කරදරයට සහ රස්තියාදුවට පත්වන ජනතාවට වන්දි මුදලක් ගෙවන්න මම යෝජනා කරමි...
මේක යකාගේ නීතියක්නේ...? වෙන රටවල්වල හැඳුනුම්පත නැතිවුණොත් අදාළ කාර්යාලයට දැනුම් දීලා හැඳුනුම්පතක් ඉල්ලුම් කළාම සති 3-4 යනකොට ඒක ලැබෙනවා අවශ්‍ය නම් තාවකාලික හඳුනාගැනීමේ සහතිකයක් ලබාගන්න පුළුවන්... දඩ ගහන්නෙවත්, පොලිසිවල රස්තියාදු වෙන්නවත් අවශ්‍ය නැහැ.
ජූල් 5 ඉල්ලුම්කළ හැඳුනුම්පත් තවම ආවේ නෑ. ඒවට දඩ නැද්ද?
එතකොට මහබැංකු කඩලා සිංගප්පූරුවේ හැංගිලා හිටියට කමක් නැද්ද?
දෙපාර්තමේන්තුවේ දෝෂ නිසා 250ක දඩයක් ගෙවන්නේ මොකටද? වහාම ඒක අයින් කර ගන්න. අදාල නිලධාරීන් ඒකට 2500ක් වන්දි ලෙස අදාල පුද්ගලයින්ට ගෙවිය යුතුයි...
බදු.. දඩ.. පාදඩ කැකිල්ලේ නීති. එයාලාගේ ප්‍රමාදයටත් ජනතාවට දඩ. කොමසාරිස්තුමා පාර්ලිමේන්තුවට නම් හොඳයි.
හෙට අනිද්දා වැසිකිළි යන්න පරක්කු වුණොත් ඒවටත් දඩ අයකරයි... රට හූරගෙන කාලා විනාශ කළාම ජනතාවයි ඒවට වන්දි ගෙවන්නේ... දේශපාලකයින්ට හෙනම ගහන්න ඕනෑ...
එතකොට දෙපාර්තමේන්තුවේ වැරැදිවලට දෙපාර්තමේන්තුවටත් දඩමුදලක් අයකරනවද?
දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂ සඳහාත් වැරැදිකරුවන් වෙන්නේ පාරිභෝගිකයින් වීම සෞභාග්‍යයේ තරම පෙන්වීමේ කැඩපතක් කියන්න පුළුවන්... ඒක ඉතාමත් අසාධාරණ තීරණයක් කියන්න පුළුවන්.. එය වෙනස්කර දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂ සඳහා දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් පාරිභෝගිකයින් සඳහා වන්දියක් ගෙවීම කරන්න ඕනෑ. එහෙම කළොත් දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවය සුළුවෙන් හෝ අඩුවීමට හේතුවක් වේවි...!
දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පි.බී. ගුණතිලක මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් කර ඇත. මේක බ්‍රහ්ම කෙලියක්නේ... ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන්නේ අපේ කොහෙවත් කසනවාට නොවෙයි... ඔබලා ඒ අයැදුම්පත නැතිකරගෙන ඇතැයි සිතන නිසා. ඔයිට වඩා නරකද කුරුඳු පොලු හමුදාවක් හදලා වැටුප් දවසට බස් ස්ටෑන්ඩ් වලට එවලා වැටුප් අරන් එන මිනිස්සුන්ට ගහලා වැටුප උදුරා ගත්තානම්...
රජයේ ප්‍රමාද දෝෂ දඩ ගහන්න ගියොත් දඩ ගගහ ඉන්නවට වඩා වෙන මුකුත් කරන්න බැහැ. ඒ තරම් පරිපාලනේට ප්‍රමාදවීම් තියෙනවා. මේ වගේ රටක ඉපදුණාම වෙන කරුම තමයි මේ ගෙවන්නේ..
මම ඉහත ප්‍රතිචාරවලට එකඟයි...
මේ මොන විකාරයක්ද? එතකොට 15 පැන්න ගමන් ගත්තේ නැත්තං දඩද?
මගේ හැඳුනුම්පත හොරු ගත්තොත් ඒකටත් දඩ ගෙවන්න වෙන්නේ මට... මේක හරිම අසාධාරණ වැඩක්...
ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් වෙලා තිබුණා නම්, අපට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. එංගලන්තයේ මෙවැනි දඩ නැහැ.
එංගලන්තේයේ යටත් විජිතයක් ලෙස තිබුණ නම් අපි ජීවත් වෙන්නේ එංගලන්තෙ රජතුමා යටතේ. දැන් අපි ජීවත් වෙන්නේ රාස්තියාදුකාර, කුඩු ගංජා බිස්නස් කරන කප්පම් ගන්න, උසාවියෙන් පෝරකයට නියම කරලා දේශපාලකයන්ගේ වහල්ලු ලෙස උන් ඔනි ඕනි විදියට අපිව සූරා කනවා.
ඉල්ලන් කා ගත්තෝ , පොදුවේ පරිප්පු කන්නෙ රටම.. බොරු අරගල ඇතිකරල , රජ පුටුවට ආවම කොයි අල ගෙඩියටත් ඔට්ටු වෙන්න ඕනි... හාල් පරිප්පු රුපියල් ගානකින් අඩුකරලා අන්තිම හුස්මත් ඇදගන්න අසානුකම්පිත් රජෙක් උඩදාගත්තම දඩ නොගහන්නේ මොනවට වුනත් ගෙවන්ඩ ඕනි..... කරුමෙ
වියානි ව්‍යාධියක් ද මන්දා.වර්තමානයේ කාර්ය සාධනය ඉතා පහත් මට්ටමක පවතී.
අනේ මගේ ලමයිනේ අඬන කොට මොනවද නුඹලට මම දෙන්නේ? තනේ තියෙන කිරි ටිකටත් දඩයක් ගෙවන්ට වේවිද නුදුරු දිනේ?
හිතා මතාම ප්‍රමාධ කරලා දඩයක් ගස්සවන්න පුළුවන් .දඩ නොගෙවා බේරෙන්න ක්‍රමයකුත් ඉබේටම හැදෙනවා .කොහොමද ටිකිරි මොලේ .ආයතනයේ ප්‍රමාධයට දඩ ගැසීම හැම ආයතනයකම කලොත් මිනිස්සුන්ට දඩම විතරයි ගෙවන්න වෙන්නේ .මේක මහා හතර බීරි හතරවරම් කතාවක්නේ
මේ අසාධාරණ වලට සොබා දහමෙන් වත් ලැබෙන දඩුවමක් නැති හැටි.
හොදයි,එතකොට අප ඉල්ලුම් කොට ප්‍රමාදයට ඔබ තුමාලා අපට දක්වන ප්‍රතිචාරය කුමක්ද?හැම දේම මහ ජනයට පටවනවා
ඔයිට වාඩා හොදයි දේෂපාලකයෝයි උන්ට කාඩේ යන බත් බැලෙයෝ ටිකයි අසූචි කැවානම්. පිට රට ඉන්න අපිටවාත් මෙහ් රටේ අයිඩි ඒක නැති වුනා කියලා මේහේ රජයේ දඩ ගාහාන්නේ නැ. පුලුවාන්නම් හොරා කපු වුන්ගේ හොරා කපුවා ගන්න බලන්නේ නැතුව. ඒදා වේල හම්බකරන් කන මිනිහව හුරන් කන්නේ නැතුව
ආ දැන් ටික ටික රස්නේ දැනීගෙන එනවද ?තවත් අරගලයටයි අන්තරේටයි බැන බැන ඉඳහල්ලකෝ .එතකොට ඉනේ තියන වස්තරේ යාර ගණනටත් බද්දක් අය කරන්න පටන් ගනියි
ප්‍රශ්ණයක් නෑ
හුස්මගන්නවටත් ගානක් ගනියි.