(විමුක්ති එස් රුද්‍රිගු)
කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම සඳහා කැනේඩියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය අවසර ලබා නොදුන් බව එම මහතා පෙන්වා දී තිබේ.
හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය, පිරිහුණු මානව හිමිකම් වාර්තාවක් ඇති වංචා සහ දුෂණ වලින් පිරි අසාර්ථක රටක ආයෝජනය කිරීම සඳහා කැනේඩියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත් වූ බව ගැරී ආනන්ද සන්ගරී මහතා ප්‍රකාශ කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘
Rexi Saturday, 19 November 2022 10:11 PM
තමන් ඉපදුන රටට වින කරන, අපේ දේශපාලුවෝ රට නැති කරලා ඉවරයි.
කිරි පුතා Saturday, 19 November 2022 11:48 PM
ආනන්ද සංගරී කියන නමෙන්ම කියන්න පුළුවන්නේ මිනිහා කව්ද කියලා. කැනඩාව කියන්නේ කොඩි ඩයස්පෝරාවේ මුල් පුටුව...!
විජිත් Sunday, 20 November 2022 12:11 AM
එදා රනිල් සිංගප්පුරුවේ හිටපු නොම්බර එකේ හොරෙක්ව ගෙනාවා මහබැංකුවේ ලොක්කා කරලා. ඒකා ගානට බැංකුවට වැඩේ දීලා , රනිල්ගේ කොටස එහෙ බැංකුවක තැන්පත්කරලා නමත් වෙනස් කරගෙන සිංගප්පුරුවේ යහමින් ජිවත් වෙනවා. ඡන්දයෙන් බලු විදිහට පැරදිලා හිටියා ටික කලක්. හරියට නයා මැරුණ අහිකුන්ටකයා වගේ. ඊට පස්සේ... මහජනතාවගේ අනුමැතියක් නැතිව , පාර්ලිමේන්තුවේ ඉන්න පට්ට හොරු 134 කගේ චන්දයෙන් ජනාධිපති වුනා.
nimal Sunday, 20 November 2022 12:13 AM
ඒ කියන්නේ හොර සුද්දෝ වගයක්.
AB Sunday, 20 November 2022 03:03 AM
මේවනවිට ලංකාවට පැමිණ සිටින කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නොමැතිනම් පැමිණ සිටින කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව පිටත්ව ගිය පසු කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී කැනඩා රජයේ නියෝජනය කරනාවූ ඔබේ කණඩායම සමග ඔබත් ලංකාවට පැමිණෙන්න.