(ඉන්දිකා රාමනායක)

තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම, සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි "ආවා" කල්ලි සාමාජිකයකු කයිට්ස් නාරන්ත⁣නෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස දූෂණ මර්දනයට අංශයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක්සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය මනිපායි, පුදුකුඩුඉරිප්පු, පලෙයි, ධර්මපුරම් යන ප්‍රදේශවල පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීම, නිවාස සහ වාහනවලට ඇතුළු දේපළවලට පහරදීම සම්බන්ධයෙන් සැකකරු අවශ්‍යව සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.