භික්ෂු පාගමනට පොලිසිය හරස් වෙයි රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (3) කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර අරගල භූමිය බලා ගමන් කළේය. 03 May 2022
නියෝජ්‍ය කථානායක ධුරයට ඉමිතියාස්ගේ නම යෝජනා කරයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මහතාගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. 03 May 2022
සජබයේ විශ්වාසභංග යෝජනා දෙක කතානායකට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 03 May 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 03 May 2022
අගමැතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ගැන දැන්ම කිව නොහැකියි අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත්, එහි අන්තර්ගතය කුමක්ද යන්න දැන්ම කිව නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 03 May 2022
අලුතෙන් විදුලි සැපයුම් ලබාදීම නතර වෙයි නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 03 May 2022
විරෝධතාකරුවන්ට නොමිලේ බස් රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (3) පැවසීය. 03 May 2022
අගමැතිට ප්‍රසිද්ධියක් නොදුන්නැයි වැඩ තහනම් පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ්ට ප්‍රමාණවත් අන්දමින් මාධ්‍ය ආවරණයක් ලබා නොදුන්නැයි පාකිස්තානයේ රාජ්‍යය පුවත් නාළිකාවක 17 දෙනකුගේ වැඩ තහනම් කර ඇත. 03 May 2022
බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක් ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට පාකිස්තාන රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ’මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත. 03 May 2022
හොර වීසා වලින් ඉතාලියට පනින්න හැදූ 5 ක් දැලේ කූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අද (3) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 May 2022
පුටින්ට පිළිකාවක් - ඇමෙරිකන් මාධ්‍ය කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි. 03 May 2022
සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ දේශීය සහල් සඳහා රජය විසින් පනවනු ලැබූ පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා අඩු මිල ගණන් වලට සහල් වර්ග වෙළෙඳපොළේ අලෙවි කෙරෙන හෙයින් රජයේ එම පාලන මිල ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 03 May 2022
හර්තාලයට සහය දක්වා දුම්රියත් නවතියි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදුකරන හර්තාල් වයාපාරයට සහයෝගය පළ කරමින් අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. 03 May 2022
‘ඒ බී සී අනාවරණයට මම ඇතුලු පවුලේ කිසිවකුත් සම්බන්ධ නෑ‘ ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි 03 May 2022
විල්සන්කරු දිවි සැරිය නිමා කරයි සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්යක්ෂවරයකු වූ විල්සන්කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත. 03 May 2022
‘හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී වූ දූෂිත ගණුදෙනු ගැන හෙළිදරව්වක්‘ හම්බන්තොට රෝහල ඉදිකිරිමේ ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇස්පෙන් මෙඩිකල් සමාගම මුදල් විශුද්ධිකරණය පිලිබඳ විමර්ශනයකට භාජනය වී ඇතැයි ඒ.බී.සී රූපවාහිනී නාලිකාවේ ’ෆෝ කොර්නර්ස්’ වැඩසටහන අනාවරණය කර ගෙන ඇත. 03 May 2022
‘අල්ලස් කොමිසමේ සභාපතිත් අල්ලස් අරන්‘ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එම කොමිසන් සභාවේම විමර්ෂණයක් පවතින බව ජාතික ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 May 2022
නොරොච්චෝලේ කොටසක් යළි බිඳවැටෙයි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ කොටසක බිඳවැටීමක් සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. 03 May 2022
ගෙවත්තේ තිබූ මෝටර් රථ දෙකකට-යතුරුපැදියකට ගිනි තියලා ගෙවත්තක ගාල් තිබූ මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03) අලුයම ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 03 May 2022
සාදයේ ගැටුම මරණයෙන් අවසන් වෙයි පේදුරුතුඩුව, කරණවායි ප්‍රදේශයේ හෝටලයක තරුණියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් තරුණයෙකු කැපුම් තුවාල ලබා මියගොස් ඇතැයි පොලීසිය කියයි . 03 May 2022
‘රාජා‘ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශ කරන්න අනුමැතිය ’නැඳුන්ගමුවේ රාජා’’ හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 May 2022
‘ආණ්ඩුව පීඩිත ජනතාව මත තවත් බදු පැටවීමෙි සූදානමක‘ එක පසෙකින් බදු බර වැඩි කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් මර්දනය යොදා ජනතාව ඝාතනය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. 03 May 2022
චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300 ආධාරයක් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට පිහිටවීමට යුවාන් මිලියන 300 ආධාරයක් ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි. 03 May 2022
අඩු ආදායම්ලාභීන්ට මාස තුනක් සඳහා රජයෙන් දීමනාවක් රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක කාලයක් විශේෂ මුදල් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 May 2022
කුප්පි ලාම්පුව පෙරැලී සිසුවිය මරුට ලාම්පුවක් දල්වා පාඩම් කරමින් සිටි 16හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි කන්කසන්තුරේ පොලීසිය කියයි. 03 May 2022
ගිනි අවි පෙන්වා කප්පම් ගත් අයෙක් එස් ටී එෆ් දැලේ ඉංගිරිය සහ හොරණ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (¡¡) භට කණ්ඩායමක් මගින් හොරණ නුගගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 03 May 2022
ඉන්ධන බවුසරයකට පහර දුන් ඉන්ධන ටැංකි හිමිකරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට ඉන්ධන ටැංකි රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී කොළොන්නාවේ සිට ගොඩකවෙල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයකට මුල්ලේරියාව ගල්වාන හන්දිය ප්‍රදේශයේදී පහර දී අලාභහානි සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්ධන ටැංකි රථ හිමිකරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි . 03 May 2022
පළාත් රැසකට කඩින් කඩ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 May 2022
සහල් දඩය ලක්ෂ 50යි:මාස හයක් හිරේ පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ සහල් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි. 03 May 2022
නි. නගරාධිපතිගේ පසු ගමන් රියට ලක්ෂ එක හමාරක් සභාවේ කිසිවකු ගමන් නොකරන රථයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මසකට එක්ලක්ෂ හතළිස් දහසක් වැය කරන බව ද එයට තම පක්ෂය එකහෙළාම විරෝධය දක්වන බව ද ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවැසීය. 03 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026