හිටපු ජනපති සමඟ ස්වාධින වූ මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද(07) පැවැත්වේ. 07 May 2022
හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 07 May 2022
අගමැති ධූරය බාරගන්නැයි සජිත්ට ආරාධනා ? අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 May 2022
හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ. 07 May 2022
මැති ඇමැති පවුල්වල පාර්ලිමේන්තු සවාරි නවත්වයි මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවා ඇත. 07 May 2022
’හදිසි නීතීය අවලංගු කරන්න’ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 May 2022
ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 07 May 2022
‘ව්‍යවස්ථා සංශෝධන ගැන ගැසට්ටුව ප්‍රකාශයට’ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති 21 වන සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කරනු ලැබ ඇත. 07 May 2022
ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) වැසි වාර කිහිපයක් ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 May 2022
කියුබාවේ හවානා නුවර පිපිරීමක් කියුබාවේ හවානා අගනුවර සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. 07 May 2022
කඩුවෙළ මහේස්ත්රාත්ගෙ ඉවත් කළ ආරක්ෂාව යළි ලබා දෙයි කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියට ලබා දී තිබු පොලිස් ආරක්ෂාව ඉවත් කොට පැය දෙකකට පසු නැවතත් එම ආරක්ෂාව සැපයීමට පොලිස්පතිවරයා පියවර ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 06 May 2022
රටපුරා හදිසි නීතිය පනවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 06 May 2022
අගමැති මහින්ද තීරණයක් ගනී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 06 May 2022
සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 06 May 2022
පොලිස් ඇමැතිගේ නිවෙස වටලයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත. 06 May 2022
පේරාදෙණියට නව උපකුලපතිවරයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ. 06 May 2022
විශ්වාසභංගයට සහාය දෙන්න 41 කණ්ඩායමෙන් කොන්දේසි දෙකක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි දෙකක් පනවා ඇත. 06 May 2022
ඇමති තුනක් උද්ඝෝෂකයන්ට කොටු වෙති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කරවා ගෙන ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා ඒ ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් අද (6) පස්වරුවේ ඇතිවිය. 06 May 2022
සජබ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න යයි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. 06 May 2022
දුම්රිය 30 ක් ධාවනය කළා හර්තාලය පැවතුණ ද දුම්රිය ගමන්වාර 30 ක් අද (6) දිනයේ ක්‍රියාත්මක කළ බවත් දුම්රියවලට මගීන් නොමැති වීමෙන් ගමන්වර 20 ක් පමණ අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද පස්වරුවේ පැවසීය. 06 May 2022
කුරුණෑගල ගෝනගම විරෝධයක් කුරුණෑගල ගෝනගම නගරයේ මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද සවස විරෝධතාවයේ නිරත වූහ. 06 May 2022
හර්තාලයෙන් මාතරත් උණුසුම් වෙයි රජයට විරෝධය පළ කරමින් මාතර නගරයේ ද කලු කොඩි ඔසවා කඩ සාප්පු වසා දමමින් ජනතාව අද දින හර්තාලයේ නිරත වූහ. 06 May 2022
රුපියල අදත් බාල්දුයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 361.72 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 374.99ක් විය. 06 May 2022
‘සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව ගෙදර යවයි‘ පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව පිටත්කර යැවූ බව වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 06 May 2022
කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය. 06 May 2022
භූමිතෙල් නිකුත් කිරීම සීමා කෙරෙයි එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් දිනකට නිකුත් කළ හැකි උපරිම භූමිතෙල් ප්‍රමාණය ලීටර 5කට සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. 06 May 2022
කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 06 May 2022
සෙංකෝලය රැකගන්න ගිය වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත. 06 May 2022
පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ. 06 May 2022
ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්ෂාවක් කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබුණි. 06 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026