(සුමිත් පොතුපිටිය)
පානදුර වෙරළ තීරයේ අද දහවල් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී පාසල් සිසුන් පස්දෙනකු පොලිස් බාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය පාසලක 16 සහ 15 වියැති සිසුන් පිරිසක් බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වැටකෙයියා පදුරක පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී සිසුන් පස් දෙනා බියර් ටින් සමග භාරයට ගත්බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
වාර විභාගය අවසානවී ඔවුන් පානදුර රටබීම හලකින් බියර් මිළදී ගෙන පැමිණ සිටී බවද පොලිසිය පවසයි .
දෙමාපියන් ගෙන්වා උපදෙස් දී භාරදීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
COMMENTS
ගුරුවරුන් ට වගේ ළමයින් ටත් තමන් කැමති ඇඳුමක් ඇඳන් එන්න කියලා සර්ව බලධාරී ඉට්ටාලිං උන්නැහේ නීතියක් ගෙනාවනම් මේ ප්‍රශ්නය නෑනෙ. සුදු ඇඳුම් ඇඳන් හිටි නිසානෙ දරුවන් ටික අහු වුණේ.
එතකොට බාල වයස්කාරයින්ට බියර් විකුනපු රටබීම හල නිදොස්ද? මේ රටේ තියෙන්නේ අමුතු නීතියක්.
අපේ කාලෙනං මෙහෙම දේවල් උනේ නෑ. අපි අගේට උදේ ඉදලා නාලා, කාලා, මොකුත් නොවුනු ගානට හවසට ගෙදර ගියා. ඉස්කෝලෙන් කරදරයක් තිබුනෙත් නෑ, පොලිසියෙන් කරදරයක් තිබුනෙත් නෑ.