(අංජුල මහික වීරරත්න)

දෙහිවල සත්වෝද්‍යානයේදී මිය ගියේ එහි සිටි වයසින් වැඩිම ජිරාෆ් සත්වයා බවත් වසර තිහක් පරමායුෂ විඳ එම සත්වයා මිය ගිය බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මියගොස් ඇත්තේ  බාලම ජිරාෆ් සත්වයා යැයි  පළවන වාර්තා පිළිබඳව අදහස් පළ කරමින්  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමනාත් මහතා පවසන්නේ  මියගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයසින් බාලම ජිරාෆ් නොවන අතර මියගිය  සත්වයා වයස අවුරුදු 30 ඉක්මවූ වැඩිමහල්ම ජිරාෆ් බවයි.

මෙම ජිරාෆ්  1987 දී දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන විත් තිබෙන බවද සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙකුගේ වයස අවුරුදු 25ක් වුවත්, සත්වෝද්‍යානයක දී ලැබෙන ප්‍රතිකාර හා ආහාර නිසා අවුරුදු 30කට වැඩි කාලයක් ජීවත් වන බව සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.