IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුවෙන් පිට වැඩ කරන්නේ නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීමට සහ  මැතිවරණ වියදම් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්  පාර්ලිමේන්තුවෙන් පිට කිසිවක් හිතුවක්කාරී ලෙස නොකරන බවත්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා සභාපතිත්වය දැරූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශවලද මැතිවරණ වියදම් අඩු කිරීම සහ  පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම  ආදී යෝජනා රාශියක් ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා,  කමිටුවේ සිටි රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඒ  නිර්දේශවලට අත්සන් නොකළ බවද සිහිපත් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස තමාට  සිමා නිර්ණය කමිටුවක් පත් කිරීමට නිත්‍යානුකුල බලයක් ඇති බවත්, කමිටුවක් හා කොමිසමක් අතර වෙනසක් ඇති බවත්  ගුණවර්ධන මහතා පැවසූවේය.



අදහස් (0)

පාර්ලිමේන්තුවෙන් පිට වැඩ කරන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site