සිරිකොත වෙන තැනකට ගෙනයන සාකච්ඡා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 14 October 2022
ජනපති ඊජිප්තු යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතය. 14 October 2022
මැතිවරණයක් සඳහා අධිකරණයේ සහ ජාත්‍යන්තර පිහිට පතනවා පාර්ලිමේන්තුව තුළත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගොස් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බණ්ඩාර මහතා කොලඹදී පැවසීය. 14 October 2022
දෙදිනක වැස්සෙන් ගම්පහ තැන තැන යටවේ දෙදිනක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගම්පහ සිට ජාඇල දක්වා ප්‍රදේශයන්හි පහත් බිම්වල පදිංචිකරුවන් විමසිලිමත් විය යුතු බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා දැනුම් දීමක් කරයි. 14 October 2022
මුහුදු කූඩැල්ලන් 10,000ක්-සැකකරුවන් 5ක් හමුදා භාරයට වෙත්තලකේනී කුඩෙයිරිප්පු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව කිමිඳුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් භාරයට ගත් බව නාවික හමුදා පැවසීය. 14 October 2022
තවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවට තවත් ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. 14 October 2022
ආනයනික තිරිඟු පිටි මිල අඩු කරයි ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති. 14 October 2022
ජනතාව අර්ථික ප්රශ්නවල අතරමං වෙලා ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්රශ්නවල අතරමං වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත. 14 October 2022
දකුණුට නව අපරාධ මර්ධන කොට්ඨාස දෙකක් දකුණු පළාතේ අපරාධ වර්ධනය පිළිබඳව අවධානය යොමු කර දකුණු පළාතට නව පොලිස් විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස දෙකක් පිහිටුවා ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. 14 October 2022
ඥානසාර හිමිට වරෙන්තු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (14) වරෙන්තු නිකුත් කළාය . 14 October 2022
ජාතික සභා අනු කමිටුවට ඩිජිටල් වේදිකාවක් ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටිකාලීන සහ මධ්‍යකාලීන ගැටළු හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව වෙනුවෙන් ඩිජිටල් වේදිකාවක් සකස් කර ඇතැයි එම අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 14 October 2022
ගල්අඟුරු නැවක් මෙම මස අග එයි ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් මේ මස 24 සහ 25 දෙදින අතර ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 October 2022
ජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයි ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් අද (13) රාත්‍රී නිකුත් කර තිබේ. 14 October 2022
සංචාරකයන්ට රට සල්ලිවලිනුත් ටිකට් ගන්න අවස්ථාව ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන හා වනාන්තර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ රටවල මුදල් ඒකකවලින්ද ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට වනජීවී අමාත්‍යාංශය සූදානම් වේ. 14 October 2022
නාවිකයන් 6ක් සමඟ නාවික හමුදා යාත්‍රාවක් අතුරුදන් සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටි නාවිකයන් හයදෙනකු සමග යාත්‍රාවක් දින 20 ට අධික කාලයක් දින සිට අතුරුදන්ව ඇති බව නාවික හමුදාව පවසයි. 14 October 2022
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම: පැරිස් සමාජයේ නිවේදනයට ඉන්දියාවේත් චීනයේත් ප්‍රතිචාර තවමත් නෑ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා අනෙකුත් නිල ද්විපාර් ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් යැයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයට තවමත් නිල ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබී නැතැයි ආරංචි මාර් ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. 14 October 2022
අඹේපුස්ස දුම්රිය ස්ථානය සංරක්ෂණය කරයි බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉදිකළ, ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් සහිත අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ගරා වැටෙමින් පවතින පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිලි ඇතුලු පරිශ්‍රය කඩිනමින් සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 14 October 2022
ඩෙංගු රෝගීන් හදුනාගැනීමේ පරීක්ෂණ කට්ටල හිඟයක් ඩෙංගු රෝගය හදුනාගැනීමට පාවිච්චි කරන ‘ඩෙංගු ඇන්ටිජන්’ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල්වල නොමැති බවත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය එෆ්.බී.සී. පරීක්ෂාවට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීම සමාගම් ගණනාවක් අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 14 October 2022
මෛත්‍රීපාලට එරෙහි පාස්කු නඩුවට දින දෙයි පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය. 14 October 2022
දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 14 October 2022
හල්කඳවිල වේල්ල හන්දියේදී යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට බේරුවල ,මග්ගොන හල්කඳවිල බස් මාර්ගයේ වේල්ල හංදිය ප්‍රදේශයේදී මග්ගොන සිට හල්කඳවිල දක්වා ගමන් ගත් යතුරු පැදියක ගෑටි මාර්ගය හරහා ගමන්ගත්කාන්තාවක් මියගොස් ඇතැයි පයාගල පොලිසිය අද (14) පැවසීය. 14 October 2022
පොහොට්ටුව රට බංකොළොත් කර ජනතාවට බදු ගහනවා ජනතාවට බදු පිට බදු ගැසීමට වර්තමාන ආණ්ඩුවට සිදුව ඇත්තේ පොහොට්ටුව රට බංකොළොත් කර නන්නත්තාර කළ නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 14 October 2022
වී වගා හෙක්ටයාරයකට දෙන යූරියා ප්‍රමාණය තීරණය කරයි මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර එකකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 October 2022
අයි.ඕ.සී. පිරවුම්හල්වල අක්‍රමිකතා සති දෙකකින් අවසන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී) සියලුම ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා සති දෙකක් තුළ ඉවත්කිරීමට එම සමාගම පොරොන්දු වූ බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සාකච්ඡාවකට ආරාධනා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 October 2022
මෛත්‍රීපාලට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනීම කල්තබයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය. 14 October 2022
කුරුඳුවත්තේ ව්‍යාපාරිකයෙක් ප්‍රියමාලි ළඟ කෝටි 75 තැන්පත් කරලා ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව රුපියල් කෝටි 75 ක වංචාවක් සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 October 2022
තිසරපට අස්සේ සඟවා පියාට අයිස් ගෙනා දියණිය මාට්ටු බන්ධනාගාරයේ සිට පානදුර අධිකරණයට රැගෙන ආ රැදවියකුට ලබාදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය තිසර පට අස්සේ සගවාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 14 October 2022
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම අසල යටවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යටවීම හේතුවෙන් කුඩා රථ රථවාහන වලට අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ් රික් මහතා පැවසීය. 14 October 2022
අද දවසපුරාත් තද වැසි දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (14) දිනයේත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 October 2022
කෝටි 1500 පිරමීඩ ගැහිල්ලේ චීන යුවළ 21 තෙක් රිමාන්ඩ් ‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (13) නියෝග කළේය. 13 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026