අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත් අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි පොලීසිය කියයි. 10 May 2022
ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව ඊයේ දැඩි කනස්සල්ල පළ කළේය 10 May 2022
පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ඉල්ලයි පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත 10 May 2022
යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 10 May 2022
කදුළු ගෑස් අවියක් පිපිරී එස්.අයි.මරුට අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය අතරතුර කඳුළු කඳුළුගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 10 May 2022
ඉමදූව ප්‍රා.සභාපති මරුට ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර (පො.පෙ)මහතාගේ නිවසට ඊයේ (9) රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසුව අසනීප තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කරාපිටිය රෝහලට ගෙන එමින් සිටියදි මියගොස් ඇත. 10 May 2022
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 May 2022
අගමැති ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 10 May 2022
ගහ මරා ගැනීමෙන් ප්‍රතිඵලයක් නෑ ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 10 May 2022
මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. 10 May 2022
පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් විය. 10 May 2022
මන්ත්‍රී වෙල්ගමට පහරදෙයි පහර දීමක් හේතූවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රෝහල් ගත කොට ඇතැයි වාර්තා වේ 10 May 2022
ඇඳිරි නීතිය අනිද්දා අලුයම තෙක් දික් කරයි දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය අනිද්දා (11) උදෑසන 7’.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ 10 May 2022
වීරකැටියේ වෙඩි තැබීමක්: දෙකක් මරුට වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සසිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ 10 May 2022
කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත් සහ ඔහුගේ පුත් අමාත්‍ය කනක හේරත් මහතාගේ නිවෙසට ද ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි. 09 May 2022
හෙට 7.00ට ඇඳිරි නීතිය අවසන් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීීය හෙට උදෑසන 7.00 ට අවසන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 09 May 2022
පොලිසියේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 09 May 2022
ශාන්ත බණ්ඩාරගේ නිවෙසට ගිනි තබයි අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත. 09 May 2022
කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක් අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 09 May 2022
ගාමිණි ලොකුගේ ගේ නිවෙසට ගිනි තබයි හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ හොන්නන්තර පිහිටි නිවෙසට ද මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
ප්‍රසන්නගේ සහ ගම්පහ නගරාධිපතිගේ ගෙන ගිනි තබයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත. 09 May 2022
අරුන්දිකගේ නිවෙසටත් ගිනි තබයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත. 09 May 2022
‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්‍රියාව කරගත්තා‘‘ ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්‍රියාවක් කරගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 09 May 2022
රාජපක්ෂ යුවළගේ ස්මාරක කඩා දමයි මැදමුල හන්දියේ ඉදි කර ඇති ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මිය ස්මාරක කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
අරලියගහ මන්දිය අසල පිරිසකට කඳළු ගෑස් අරලියගහ මන්දිය අසලට රැස්ව කලහකාරිව හැසිරෙන පිරිස් ඉවත් කිරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කරයි 09 May 2022
එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 May 2022
’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය. 09 May 2022
‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘ රටේ ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (9) විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් පැවසීය. 09 May 2022
කුරුණෑගල නගරාධිපතිගේ නිවෙසට ගිනි තබයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 09 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026