
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
"මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ යැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙයට පෙර ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය ලිව්වේ තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත් ඒ අවස්ථාවේදී ඔහුට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.
ඒ අවස්ථාවේදී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි හතරක් ඉදිරිපත් කළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා නිශ්චිත කාලයක එහි එක් කොන්දේසියක් බව ප්‍රකාශ කළේය.
එසේම සියළු සියලු පක්ෂ වල එකගතාවයෙන් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂවල සහය ඇතුව කටයුතු කිරීම, ජනතාවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදීම අනික් කොන්දේසි බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි
kamal Friday, 25 November 2022 10:43 AM
මේ උත්තමයා ලියුම් කරදහිය එයාගේ ඉංගිරිස් වලින් ලියන්න ඇති ඒක තමයි අගමැති කම ගහලා ගියේ.
මහසෙන් Friday, 25 November 2022 11:11 AM
බලන් යනකොට මෙයා වගේ පිවිතුරු නිකලැල් දේශපාලන චරිතයක් මේ මිහිතලයෙම නෑනේ. කිසි දෙයක් ඉල්ලලා නැ. හොරකම් නෑ. මැරකම් නෑ. සියල්ල දන්නවා. ඒ උනාට අපිට මතකයි භාර ගන්න කීවම තටම තටම ඉදලා වටේ ගිහින් ලියුම් දෙකක්ම යැවූවා කියලා.
SaththayaFriday, 25 November 2022 09:59 PM
ඉස්සෙල්ලා මෝඩ කමට බැහැ කියල කෙනෙකුට අගමැතිකම දෙන්න යනවා කියලා දැනගත්තා විතරයි පෙරේතකමට ලියුම් ලියලා දැන් ටොම් පච කියලා , සුදනා වෙන්න යනවා. ඒ එක්කම මිනුස්සු කොච්චර නොකා නොබී දුක් වින්දත්, උත්සාහ කරන්නේ ඡන්ද තියලා ලොක්කා වෙන්න .
wedage Friday, 25 November 2022 12:08 PM
ඉතින් කොන්දේසි විරහිතව බාරගන්න කෙනෙක් හදලා තිබුණනේ අපේ කට්ටිය...
Udugammpola Friday, 25 November 2022 02:31 PM
දැන් කෙකර ගාන්න එපා... අපූරුවට අගමැතිකම ගන්න තිබුණු වෙලාවේ කෝඳුරුතෙල් හත්පට්ටයක් ඕනෑ කීවා. යකෝ මොනවා වෙන්න හරි ගන්න තිබුණානේ. වැඩ පෙන්නන්න. දැන් බොරු ෂෝ දාන්න එපා.