ඊජිප්තු සමුළුවට චාල්ස් රජු එතැයි රනිල් බලාපොරොත්තුවෙන් ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 13 October 2022
කළුතරට අනතුරු අඟවයි ඉදිරි පැය කීපයේ ඇතිවිය හැකි වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි නිසා අවදානයෙන් සිටින්නැයි ගංගා සහ පහත්බිම් ආශ්රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුවත් කෙරේ. 13 October 2022
වෙඩික්කරුවෙක් එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට අහුන්ගල්ලේ දී ත්‍රිරෝද රථ රියැදුරාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි. 13 October 2022
සොරාත් සොර බඩු ගත් අයත් ගස් බඳියි නාවල ප්‍රදේශයේ දේපළ සොරකම් කළ පුද්ගලයකුට සහ සොර බඩු මිලදී ගත් පුද්ගලයකුට ප්‍රදේශවාසීහු අපූරු දඬුවමක් දුන්හ. 13 October 2022
තියුණු ආයුද සමග තරුණයෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පසුපස හඹාගිය පොලිසිය තල්පිටිය ප්‍රදේශයේදී නවතා ප්‍රධාන සැකකරු සමග තියුණු කඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. 13 October 2022
හොරට තෙල් ගහන ෂෙඩ් ගැන පැමිණිලි 200 ක් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් පාරිභෝගිකයාට නියමිත ප්‍රමාණයට ඉන්ධන ලැබීම සහතික කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 13 October 2022
ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර් ධනයක් දකින්න වෙන්නේ 2027 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර් ධනයක් පෙන්නුම් කර ඇති බවත් නැවතත් එවැනි වර් ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර් තාවේ දැක්වේ. 13 October 2022
කොස්තාපල්වරියට හාදු දුන් සාජන් ගැන විමර් ශනයක් පාර් ලිමේන්තු කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නැයි කියන එම කොට්ඨාසයේම පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (13) කරුණු වාර් තා කළේය. 13 October 2022
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් මහා තරගයට එයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (13) සමත් විය. 13 October 2022
වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක් ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. 13 October 2022
වැල් පාලමෙන් ගොඩවූ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කරනවා වැල් පාලමෙන් එගොඩ වුණ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 October 2022
’’එක්ස්ප්‍රස් පර්ල්’’ වන්දි සාකච්ඡා සාර්ථකයි එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය. 13 October 2022
නව බදු සංශෝධනය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනවා රජය හඳුන්වා දී ඇති ඒකාධිපති බදු සංශෝධනය රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 13 October 2022
කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තු නැතුව එළියට කොළඹ වරායේ තදබදය වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ භාණ්ඩ කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තුවලින් තොරව ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. 13 October 2022
කොටස් එකලස්කර හැදූ රථයක් විකුණන්න ගිය අයෙක් අල්ලයි නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සුඛෝපභෝගී මෝටර් රථයක්, ව්‍යාජ ලේඛන සකස්කර රුපියල් ලක්ෂ 25 ට අලෙවි කිරීමට තැත් කළ සැකකරුවෙක් නාරාහේනිපිට ශාලිකා ක්‍රිඩංගනය අසලදි පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 13 October 2022
ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින් රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලද විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එකඟවී ඇත. 13 October 2022
ඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවෙලා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය සතියේ පමණක් ඩෙංගු රෝගීන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 13 October 2022
බාල පොහොර දෙන සමාගම් අසාදු ලේඛනයට මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සපයන ආයතන තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයූවහොත් එම සමාගම් අනිවාර්යයෙන්ම අසාදු ලේඛනගත (Black List) කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 October 2022
’’මද්‍යපානෙ’’ට නටපු ගුරුවරියන් ගැන ගත් තීරණය ලෝක ළමා දිනය දා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 13 October 2022
රුවන්-සෝල්හයිම් හමුවක් නෝරවේ රාජ්‍යයේ හිටපු පාරිසරික අමාත්‍ය එරික් සොල්හෙයිම් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පැවැත්විණි . 13 October 2022
රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක් රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද(13) පැවසීය. 13 October 2022
සනත් නිශාන්තට අවවාද කර මුදාහරියි වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 13 October 2022
ලෝක බිත්තර දිනය ඉතිහාසයේ පළමු වරට ලංකාවේ සමරයි ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්රදානය කිරීම හෙට අඟුණකොළපෑලැස්ස පුරහලේ දී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 13 October 2022
රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට අලුත් වගකීම් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රාථමික කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් විෂය පථ ගැසට් කරනු ලැබ ඇත. 13 October 2022
ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට බන්ධනාගාරය තුළ දුරකතන භාවිතා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 13 October 2022
යුද්ධ හමුදාව දකුණු සුඩානයේ දී ලෝක ළමා දිනය සමරයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් ලෝක ළමා දිනයට සමඟාමීව දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී. 13 October 2022
රාජ්‍ය ඇමති සනත් නිශාන්තට වරෙන්තු අධිකරණය නිකුත් කළ සිතාසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලෙස අභියාචනාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. 13 October 2022
වාලච්චේන කෑලෑවකින් ටී 56ක්-උණ්ඩ සොයා ගැනෙයි වාලච්චේන තෝරාවේලි කැලෑ බඳ ප්‍රදේශයේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් හා එම උණ්ඩ 8 ක් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (12) සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 13 October 2022
මාර්තුවට පෙර ඡන්දයක් නැත්නම් රට ලේ විලක් වෙයි මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 13 October 2022
අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගය වරින් වර වසා තබයි පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගය හෙට (14) සිට 16 වෙනිදා දක්වා වරින්වර වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026