ජාතික හැඳුනුම්පත් එක්දින සේවය අද නෑ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (12) දින ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 12 May 2022
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 May 2022
රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. 11 May 2022
මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 11 May 2022
‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘ රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවසීය. 11 May 2022
19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවා පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු වේලාවකට පෙර පැවැසීය. 11 May 2022
අගමැති කමට නම් තුනක් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යැමීමට ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම තීරණය කර ඇත. 11 May 2022
ඇඳිරි නීතියට පැය හතක විරාමයක් මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 11 May 2022
ගෝඨා - රනිල් හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි. 11 May 2022
කැබිනට් මණ්ඩලය පත් කරන්න අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (11) ඉල්ලීමක් කළහ. 11 May 2022
ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය. 11 May 2022
අපරාධ වළක්වන්න පොලිසියටත් වෙඩි තැබීමේ බලය අපරාධ සිද්ධීන් වැළැක්වීමට උපරිම පියවර ගැනීමටත් අවශ්‍ය අවස්ථාවේදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යානුකූල බලය පාවිච්චි කිරීමට සියලුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානය අද (11) පස්වරුවේ උපදෙස් දුන්නේය. 11 May 2022
කොළඹ වෙසක්වලට සූදානම් රට තුළ දැඩි අර්බුදකාරී තත්වයක් තිබුණ ද කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ සහ සැරළි සූදානම් කරමින් තිබෙන ආකාරය අද (11) දැකගත හැකිවිය. 11 May 2022
අරගලයට මුවාවෙන් කොල්ල කෑම් වැඩි වෙලා නිවාසවලට පහරදී දේපළ පැහැරගෙන යෑමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. 11 May 2022
‘‘ජනතාවට සවන් දෙන්න‘‘ ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ. 11 May 2022
දින තුනකට පසු දුම්රිය හෙට වැඩ ඇඳිරිනීතිය හේතුවෙන් අත්හිටුවා තිබූ සාමාන්‍ය දුම්රිය ධාවනය හෙට (12) පෙරවරු 8.00 න් පසු නැවත ආරම්භ කරන බවත් දුර ගමන් සේවා දුම්රිය ධාවනය සිකුරාදා (13) ආරම්භ වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
පොලිස්පති - හමුදාපති මානව හිමිකම් කොමිසමට එති ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට පහරදීම සහ ඉන්පසු රටේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේදී නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (11) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි බව එම කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවාය. 11 May 2022
දේශබන්දු මානව හිමිකම් කොමිසමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන 13 වැනිදා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටන ලෙසට දැනුම් දෙමින් එම කොමිසම අද (11) සිතාසි නිකුත් කර ඇත. 11 May 2022
‘කලහාකාරී වුණොත් ලෝකය අහක බලාවි‘ ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදීමට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්රජාතන්ත්රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 11 May 2022
ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද(11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි. 11 May 2022
වෘත්තීය සමිති නායක ලීනස් ජයතිලක මිය යයි මාක්ස්වාදී බුද්ධිමතකු මෙන්ම වාමාංශික ක්‍රියාධරයකු හා ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයකු වූ වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක මහතා අභාවප්‍රාප්ත විය. 11 May 2022
‘ලිට්රෝ ගෑස් සමාගමේ කටයුතු බලයලත් නියෝජිතයන් හරහා පමණයි‘ ලිට්රෝ ගෑස් සමාගම ගෑස් බෙදාහැරීම, ගබඩා කිරීම සහ අළෙවි කිරීම එම සමාගමේ බලයලත් බෙදාහැරීමේ සහ අළෙවි නියෝජිතයන් හරහා පමණක් ක්‍රියාත්මක වන බවත් වෙනත් පාර්ශවයන් ලිට්රෝ ගෑස් ගබඩා කිරීම සහ තොග පවත්වාගෙන යන්නේ නම් එය එම සමාගමේ මැදිහත්වීමකින් සිදුවන්නක් නොවන බවත් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 May 2022
පොදු ප්‍රවාහන බස් රථ 40 ක් විනාශ කරලා ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රට පුරා ඇති වූ කළහකාරී සිද්ධීන්වලින් පොදු ප්‍රවාහන බස් රථ 40 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම බස්වලින් වැඩි සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බවත් බස් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 11 May 2022
යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි. 11 May 2022
නි.පොලිස්පති දේශබන්දුට පහරදීමේ සිද්ධියේ තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සදහා හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය. 11 May 2022
වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන් ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්නැයි කිරිඇල්ලත් ඉල්ලයි‘ රටට අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දී වහාම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(11) පැවසීය. 11 May 2022
මහ බැංකු අධිපති සති දෙකක් කල් දෙයි ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය. 11 May 2022
විදුලි කප්පාදුව පැය 7ක් වන ලකුණු තාප විදුලිබලාගරවලට ඉන්ධන නොලැබුණ හොත් ඇඳිරි නීතිය ඉවත්කළ පසු දිනකට පැය හතහමාරක් අනිවාර්යෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා මහතා අද (11) පැවසීය. 11 May 2022
‘ජනාධිපති වාහාම අස්වියයුතුයි‘ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026