ඡංගම දුරකතනය මරුවා කැඳවයි ජංගම දුර කතනයකින් කතා කර කර දුම්රිය මාරගයේ ගමන්ගත් තරුණියක දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. 17 October 2022
ණය අර්බුදයෙන් ගොඩ යන්න පැරිස් සමාජයේ සහාය ණය අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා ප්‍රකාශ කර ඇත. 17 October 2022
ඩීසල් අඩු වුණාට බස් ගාස්තුත් අඩු නොවෙයි ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 17 October 2022
භක්තිය වැඩි වෙලා: දේව පිළිමය උස්සලා කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (17) රාත්‍රීයේදී අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි. 17 October 2022
තෙල් අඩු වුණත් ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොයයි පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය. 17 October 2022
රාජපක්ෂවරුන්ට යළි නැගිටින්න බෑ ජනතාව හොඳටම කලකිරී සිටින හෙයින් රාජපක්ෂවරුන්ට යළි නැගිටීම අමාරු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. 17 October 2022
හැටන් ගැටකැපූ කතුන් පහක් අල්ලයි හැටන් නගරයේ ගැට කැපිමට පැමිණ බව කියන කාන්තාවන් පස්දෙනෙක් හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 17 October 2022
ඩිසල් - පෙට්‍රල් මිල පහතට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගත්තේය. 17 October 2022
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දරුවන්ට ශිෂ්‍යත්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින සහ විදේශ රැකියා නිමකර ආපසු දිවයිනට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 232 කට ලක්ෂ 28 කට අධික වටිනාකමින් යුත් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්රදානය කළේය. 17 October 2022
සරසවි නවක වදයත් සයිබර් තාක්ෂණයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට නවක වදය දීම නවීන තාක්ෂණය ඔස්සේ ද ඉතා සූක්ෂම ලෙස සිදු කිරීමේ නව ප්‍රවණතාවයක් දැකිය හැකි යැයි විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සඳහන් කරයි. 17 October 2022
නව ජල සම්බන්ධතා ගාස්තුත් ඉහළ යයි ජාතික ජල සම්පාදන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා ඇතැයි එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 17 October 2022
’’වත්මන් නායකයාගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බෑ’’ ජනතා කැමැත්තෙන් තොරව පස්සා දොරෙන් තනතුරට ආ වත්මන් නායකයා ජනතාවට යුක්තිය ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 17 October 2022
ලේ වගුරුවන්න පෙර ජීවත් වෙන ක්‍රමයක් හිතන්න දේශපාලකයන් පාරට බැස ලේ වගුරුවන්නට කතා කරන්නට පෙර ජනතාවට ජීවත්වන්නට ක්‍රමයක් හදා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 October 2022
කොත්තුව රුපියල් 50කින් අඩු වෙයි කොළඹ කොටුව තොග වෙළෙදුන්ගේ ආනයනික තිරිඟු පිටි මිල පහළ දැමීමට සාපේක්ෂව කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 17 October 2022
මෝටර් රථය ගසක හැපී 3ක් මරුට අනුරාධපුරය ගොවිජන සේවා කාර්යාලයේ නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් ඇයගේ පියා, මව සහ අවුරුදු තුන හමාරක් වයසැති පුත්‍රයා එතැනම මියගොස් ඇතැයි නාගොල්ලාගම පොලීසිය කියයි. 17 October 2022
මහවැලි ගඟ දෙපස වනසලා මහනුවර උඩ පළාත ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ එගොඩ කළුගමුව නැකත්තාවත්ත මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කපා ගොඩ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 17 October 2022
මැතිසබය වටා වැලි කොට්ට අධික වර්ෂාව සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 17 October 2022
මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 October 2022
කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථාන කීපයකට එම මිසයිල පතිත වූ බවත් යුක්රේන රජය පවසයි. 17 October 2022
බඹරු පාසල් සිසුනට පාඩමක් කියා දෙති වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය කියයි. 17 October 2022
වෙඩිතියන්න ගිනි අවිය දුන් සැරයන් අත්අඩංගුවට අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැකකරුවෙක් මීගහතැන්න ප්‍රදේශයේ දීී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2022
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි පවතින වැසි තත්වයේ යම් අඩුවක් වුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2022
පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 17 October 2022
සජබ නාවලපිටි සංවිධායක ඇතුළු 15 දෙනා මුදාහරියි නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා නාවලපිටිය ඇපමත මුදාහරින්නැයි මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය. 17 October 2022
කෝටි 1156ක් වතුරේ ගිය දුම්රිය පෙට්ටි සෙල්ලම ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 1156ක් වැය කර (ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක්) මිලදී ගත් දුමිරිය මැදිරි 160 නිසි පරිදි මගී ප්‍රවාහනයට යොදවා නැතැයි විගණන වාර්තාවකින් කියැ වේ. 17 October 2022
ඉන්දියාව සීරුවෙන් චීනය ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ’’ද හින්දු පුවත්පත’’ වාර්තා කළේය. 17 October 2022
මහින්දානන්ද ජවිපෙට කළ අභියෝගය ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියෙන් එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් තමා එදින සිට දේශපාලනය කරන්නේ නැතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 17 October 2022
කළු සල්ලි සුදු කළ ප්‍රියමාලිගේ තව වැඩ එළියට පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි. 16 October 2022
‘‘ජනපතිගෙ වැල් පාලමෙන් චෞර වළල්ල ගොඩ යන්න හදනවා‘‘ පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපැවසීය. 16 October 2022
බදු පැනවීම තොරතුරු තාක්ෂණයටත් බලපාලා ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපයීමේ ඉලක්කයක් ඇති බවත් හිටිහැටියේ බදු පැනවීම එම ඉලක්කයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පැවසීය. 16 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026