(යොහාන් භාසුර)
විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් හිමි විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසාදීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීම පැහැරහැරීමක් බව ද එම කාර්යංශය කියයි.
සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශයට ලැබුණු පැමිණිලි අනුව විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කරගෙන ඇති ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග කාර්යාංශය ගෙන ඇති බවත් එහිදී අධිකරණයෙන් වරදකරුවන්වීම හා අධිකරණය මගහැරීමටද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කළ බවත් විදේශ සේවා කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
විදේශ රැකියා ආයතන 13ක බලපත්‍ර අත්හිටුවයි
sena Tuesday, 29 November 2022 01:30 PM
කොච්චර කාලෙකටද ?