( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වගේම, රටේ සිදුවන දූශණ වන්චා වලට සම්බන්ද අයව අල්ලන්න උනන්දුවක් තිබ්බනම්.
කප්පම්කරයො , බැංකු හොරු එලියෙ ,මන්දිරේට ගිය මිනිස්සු ඇතුලෙ , මෙකද රටෙ ලොකුම වරද? මෙහෙම කලොත් අනිවර්යයෙන්ම මිනිස්සු පාරට බහිනව
අනේ මහලොකු හොරු ඇල්ලිල්ල. . අර අම්පිටියෙ කප්පම්කාරයො පොඩි ලමයෙකුට මහ පාරෙ ගිනි තිබ්බා.. උන්ව අල්ලන්න ඉන්ටර්පොල් එකෙන්ද දන්නෙ නෑ එන්න ඔන. . මෙතන රජ ගෙදර පැපොල් බෑව කාපු එකාව අල්ලන්න දිවා රෑ නතුව වෙහෙසෙනව.. අඩු ගානෙ මෙ වාර්තා ලියන මාධ්‍යවෙදීන් තමන්ගෙ පපුවට තට්ටු කරල අහන්න වටිනව "මම මෙ ලියන්නෙ මෙ රටෙ වෙච්ච දරුණු අපරාධයක් දැනුවත් කිරිමක් නැතිනම් අහසින් වැටිච්ච පිස්සෙකුට කඩේ යෑමක් ද" කියල..
අල්ලපියවු ලොකු ලොකු හොරු ටිකත්.
කුමන් ත්‍රනය සැලසුම් කර උසි ගැන්වූවෝ රට රට වල සැපෙන්. ලනු කාපු අය අමාරුවේ.
ඔය පොලිස් වීරයන්ට මෙන්න මේකත් පෙන්නන්න .ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා .ටිරාන් රනිල් වගේ මිනිස්සු අපේ රට කනවා
ඔය වෙන මහන්සිය මහබැංකුව කොල්ලකාපු හොරු ටික අල්ලන්න ගන්නේ නැද්ද?