(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් ලබා දෙමින් පැවසීය.
විපක්ෂ නායක තුමා පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේදී ධර්මය සහ සංඝයා යන කාරණා දෙක මිශ්‍ර කරගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙන්න ජනපති මීට වඩා විධග්ද උත්තරයක් දෙයි. ඊටපසු ඉන්න ජනාධිපති ඒකට පිළිතුරක් දෙයි. එහෙම ගිහිල්ලා රටේ ප්‍රශ්න විසඳෙයි. රට්ටු සතුටින්....!
වයසේ හැටියට පන්සලකට ගිහින් ධර්ම සාකච්ඡා කළානම් නරකද?
මේ මොන විකාරයක්ද? ජනාධිපතිතුමා රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව බණ කියනවා...
අපිට නම් ඔය කොයි කෙනත් එකයි. පුදුමේ කියන්නේ, අසත්පුරුෂයෝ, අධමයෝ, තක්කඩියෝ, ඔක්කොම එකට එකතු වෙලා ඔවුන්ට ඕනෑ විදිහට සද්ධර්මය අර්ථකථනය කරන එකනේ. අමනෝඥ, නීච, ම්ලේච්ජයෝ අතට ධර්මය ගියාම වෙන දේ තමයි ඔය. ධර්මය ඉස්සරහාට දාගෙන තමයි මොවුන් ඔක්කොම බලුවැඩ කරන්නේ. ධර්මයේ ආශිර්වාදය වෙනුවට ධර්මයේ ශාපය මොවුන්ට උරුමයි. ලෝකය තදින් අල්ලාගෙන සිටින පෙරේතයින්, කුම්භාණ්ඩයින්, හා බහිරවයින් තමයි මොවුන් සසර පුරාවටම මේ ලංකාවේ උපදින !!
මේ දෙන්නාවම යවමු. මේ මොන නාඩගමක්ද? ආසන දෙකේ බණ කියන්න පාර්ලිමේන්තුවක් ඕනේද? මේ දෙන්නා හරි හරියට රට කනවා.
අනේ මූ හරියටම ධර්මය දන්න රකින එකා, එහෙම නම් ලැජ්ජාව කියන දේ අහලකින් වත් ගිහින් තියෙනවා නම් ඔය තනතුරට එයිද. ආවා විතරක් නෙවෙයි දැන් තනිකර විකටයා වෙලා බණ කියනවා බලය බෙදනවා. වැද්දන්ගෙන් බණ අහනව මීට හොඳයි.
ජනතාවට තුන්වේල කන්න නැ. ලෙඩකට බෙහෙත් ගන්න සල්ලි නෑ. දරුවන්ට උගන්වන්න විදියක් නෑ. මේ තත්ත්වයට පත්කළේ පාලකයෝ. ඒ්ක පාලකයන්ගේ පිහිරීමේ ලකුණක් නෙවෙයිද?
අනුන්ට බණ දේසනා කරනවට වැඩිය තමුන් දර්මානුකූළව ජීවත් වෙන එකනේ කරන්ඩ තියෙන්නේ ? කොහොමටත් දුශිත දේසපාලුවෝ ආගම,දර්මය ඉස්සරහට දාලා කියපු,කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ගුත්තිල ජාතකයේ ගුත්තිල හා මූසල මතක් වෙනවා ඇත්තටම දැනට මේ දෙන්නත් ඒ වගේම නොවෙයි කියන්න පුළුවන් කාටද?
සජිත්ගේ පටලවා ගැනීම අද ඊයේ සිට සිදුවන්නක් නොවේ.
අහිංසක කොල්ලන් ,කෙල්ලන් සිය ගණනක් පන පිටින් ගිනිතබා, ඇස් උගුල්ලා , දුෂනයකොට , පහරදී ...නොයෙකුත් වධදී මරපු බටලන්දේ " සත් පුරුෂයා " නොහොත් රනිල් නමැති වධකයාගේ ධර්ම දේශනාව ..... වධකයෝ , මේ දැන්... දැන් එළඹෙමින් තිබෙන්නේ " යුක්තිය පසදලිමේ හෝරාවයි.." ...එහෙමත් නැතිනම් " "වධකයාගේ මරණයේ හෝරාවයි....!!!" අරගලයට ජය වේවා....!!!
මොහුට අවශ්‍ය බලය විතරයි . කව්රු බඩගින්නේ හිටියත් කමක් නැහැ, බලයට තියෙන කෑදර කම නිසා පරාභව සුත්‍රය තේරෙන්නේ නැහැ .
බණ කෙසේ වෙතත් පන්සිල් පද පහවත් හරියට දන්නේ නැතුව ඇති .සම්ප්‍රප්පලාප,බොරු,මුසාවාද නේ වැඩිපුරම කියන්නේ ?