IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති සජිත්ට ධර්මයෙන් පිළිතුරු දෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් ලබා දෙමින් පැවසීය.

විපක්ෂ නායක තුමා පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්  කිරීමේදී ධර්මය සහ සංඝයා යන කාරණා දෙක මිශ්‍ර කරගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි ද කීය.



අදහස් (13)

ජනපති සජිත්ට ධර්මයෙන් පිළිතුරු දෙයි

මහසෙන් Tuesday, 29 November 2022 03:05 PM

දැන් වෙන්න ජනපති මීට වඩා විධග්ද උත්තරයක් දෙයි. ඊටපසු ඉන්න ජනාධිපති ඒකට පිළිතුරක් දෙයි. එහෙම ගිහිල්ලා රටේ ප්‍රශ්න විසඳෙයි. රට්ටු සතුටින්....!

:       0       0

Prabha Tuesday, 29 November 2022 03:05 PM

වයසේ හැටියට පන්සලකට ගිහින් ධර්ම සාකච්ඡා කළානම් නරකද?

:       0       0

sena Tuesday, 29 November 2022 03:24 PM

මේ මොන විකාරයක්ද? ජනාධිපතිතුමා රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව බණ කියනවා...

:       0       0

බද්රානි Tuesday, 29 November 2022 03:26 PM

අපිට නම් ඔය කොයි කෙනත් එකයි. පුදුමේ කියන්නේ, අසත්පුරුෂයෝ, අධමයෝ, තක්කඩියෝ, ඔක්කොම එකට එකතු වෙලා ඔවුන්ට ඕනෑ විදිහට සද්ධර්මය අර්ථකථනය කරන එකනේ. අමනෝඥ, නීච, ම්ලේච්ජයෝ අතට ධර්මය ගියාම වෙන දේ තමයි ඔය. ධර්මය ඉස්සරහාට දාගෙන තමයි මොවුන් ඔක්කොම බලුවැඩ කරන්නේ. ධර්මයේ ආශිර්වාදය වෙනුවට ධර්මයේ ශාපය මොවුන්ට උරුමයි. ලෝකය තදින් අල්ලාගෙන සිටින පෙරේතයින්, කුම්භාණ්ඩයින්, හා බහිරවයින් තමයි මොවුන් සසර පුරාවටම මේ ලංකාවේ උපදින !!

:       0       0

sharm war Tuesday, 29 November 2022 03:46 PM

මේ දෙන්නාවම යවමු. මේ මොන නාඩගමක්ද? ආසන දෙකේ බණ කියන්න පාර්ලිමේන්තුවක් ඕනේද? මේ දෙන්නා හරි හරියට රට කනවා.

:       0       0

mangala Tuesday, 29 November 2022 06:29 PM

අනේ මූ හරියටම ධර්මය දන්න රකින එකා, එහෙම නම් ලැජ්ජාව කියන දේ අහලකින් වත් ගිහින් තියෙනවා නම් ඔය තනතුරට එයිද. ආවා විතරක් නෙවෙයි දැන් තනිකර විකටයා වෙලා බණ කියනවා බලය බෙදනවා. වැද්දන්ගෙන් බණ අහනව මීට හොඳයි.

:       0       1

Buddika Tuesday, 29 November 2022 07:07 PM

ජනතාවට තුන්වේල කන්න නැ. ලෙඩකට බෙහෙත් ගන්න සල්ලි නෑ. දරුවන්ට උගන්වන්න විදියක් නෑ. මේ තත්ත්වයට පත්කළේ පාලකයෝ. ඒ්ක පාලකයන්ගේ පිහිරීමේ ලකුණක් නෙවෙයිද?

:       0       1

විපරමා Tuesday, 29 November 2022 07:10 PM

අනුන්ට බණ දේසනා කරනවට වැඩිය තමුන් දර්මානුකූළව ජීවත් වෙන එකනේ කරන්ඩ තියෙන්නේ ? කොහොමටත් දුශිත දේසපාලුවෝ ආගම,දර්මය ඉස්සරහට දාලා කියපු,කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       1

දහනායක Tuesday, 29 November 2022 07:34 PM

ගුත්තිල ජාතකයේ ගුත්තිල හා මූසල මතක් වෙනවා ඇත්තටම දැනට මේ දෙන්නත් ඒ වගේම නොවෙයි කියන්න පුළුවන් කාටද?

:       0       0

ajith Tuesday, 29 November 2022 07:41 PM

සජිත්ගේ පටලවා ගැනීම අද ඊයේ සිට සිදුවන්නක් නොවේ.

:       0       0

විජිත් Tuesday, 29 November 2022 09:08 PM

අහිංසක කොල්ලන් ,කෙල්ලන් සිය ගණනක් පන පිටින් ගිනිතබා, ඇස් උගුල්ලා , දුෂනයකොට , පහරදී ...නොයෙකුත් වධදී මරපු බටලන්දේ " සත් පුරුෂයා " නොහොත් රනිල් නමැති වධකයාගේ ධර්ම දේශනාව ..... වධකයෝ , මේ දැන්... දැන් එළඹෙමින් තිබෙන්නේ " යුක්තිය පසදලිමේ හෝරාවයි.." ...එහෙමත් නැතිනම් " "වධකයාගේ මරණයේ හෝරාවයි....!!!" අරගලයට ජය වේවා....!!!

:       0       1

Saththaya Tuesday, 29 November 2022 10:05 PM

මොහුට අවශ්‍ය බලය විතරයි . කව්රු බඩගින්නේ හිටියත් කමක් නැහැ, බලයට තියෙන කෑදර කම නිසා පරාභව සුත්‍රය තේරෙන්නේ නැහැ .

:       0       2

ගමේ එකාලා Wednesday, 30 November 2022 11:34 PM

බණ කෙසේ වෙතත් පන්සිල් පද පහවත් හරියට දන්නේ නැතුව ඇති .සම්ප්‍රප්පලාප,බොරු,මුසාවාද නේ වැඩිපුරම කියන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site