( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත් කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද තීරණය කළේය.
ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණට ඉදිරිපත් කර තිබුණි.
පළාත් ආණ්ඩුකාරවරයකුට පැවරී ඇති බලතල ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ කොමිසම නිවැරැදි හා නීත්‍යානුකූල එකක් වන බැවින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසී නොකැඳවා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරු පීරිස් මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විසි කරයි
Hafeel Tuesday, 29 November 2022 02:25 PM
ෆයිසර් මුස්තාෆා මෙවැනි නඩුවට පැනී සිටීම ගැන ලැජ්ජයි, කැතයි.
Nimal Tuesday, 29 November 2022 05:16 PM
වැරදි කරුවන් අල්ලන්න හදන කොට ඔවුන්ටත් එහෙම කරන්න එපා කියලා කියන්න පුළුවන් රටක් මේක.