( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත් කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද තීරණය කළේය.
ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණට ඉදිරිපත් කර තිබුණි.
පළාත් ආණ්ඩුකාරවරයකුට පැවරී ඇති බලතල ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ කොමිසම නිවැරැදි හා නීත්‍යානුකූල එකක් වන බැවින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසී නොකැඳවා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරු පීරිස් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිසර් මුස්තාෆා මෙවැනි නඩුවට පැනී සිටීම ගැන ලැජ්ජයි, කැතයි.
වැරදි කරුවන් අල්ලන්න හදන කොට ඔවුන්ටත් එහෙම කරන්න එපා කියලා කියන්න පුළුවන් රටක් මේක.