(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රජයේ ව්‍යාපෘතිවලට  සම්බන්ධවූ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් කෝටි දහ නව දහස් පන්සියයක් මෙතෙක් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වටේ යවලා ඔවුනට  දැන් කරකැවිල්ල සෑදී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළුණු ලක්ෂය 11 කට  වැඩි පිරිසක් සහ ඔවුන්ගෙන්  යැපුණු ලක්ෂ 44 කට වැඩි පිරිසක් දැඩි අසීරු  තත්ත්වයකට මුහුණදී  සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා මේ අයගේ ප්‍රශ්නය වහා විසඳන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඒ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.